තුන් මසකින් සයිනොවැක්ස් චීන එන්නත නිශ්පාදනය පල්ලෙකැලේ දී…

Sinovac

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් මර්දන සයිනොවැක්ස් එන්නත මෙරට නිෂ්පාදනය කිරීමේ සාකච්ඡාවට කීපයක් මේ විට සාර්ථක වී ඇතිබැවින් ඉදිරි මාස තුන තුළදි එන්නත මෙරට නිෂ්පාදනය කිරිම ආරම්භ කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

චීනයේ එන්නත් නිෂ්පාදනය කරන සමාගමක් සමග එක්ව මෙරට තුළදී සයිනොවැක්ස් එන්නත මිලියන 13ක ප්‍රමාණයක් මූලික වටයේදී නිෂ්පාදනය කිරීමටත් කටයුතුකරන බව ඔහු පැවසීය.

මේ සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය මේ වන විටත් ලැබී ඇති බවත් අදාල සමාගම සමග පැවති සියලුම සාකච්ඡා සාර්ථක වී ඇති බවත් සඳහන් කළ එම ප්‍රකාශකයා එන්නත නිෂ්පාදන ක්‍රියාවලියට අදාල ලිපිලේඛන නීතිපතිවරයා වෙත යොමුකිරීමට මේ වන විටත් සූදානම් කර ඇති බවද සඳහන් කළේය.

අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අදාල අනුමැතිය ලබා ගැනීමෙන් පසුව පල්ලේකැලේ ඖෂධ නිෂ්පාදනාගාරයක් තුළදී සයිනොවැක්ස් එන්නත නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

Exit mobile version