බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තිරිසනුන්ගේ සමාජයක දරුවන්ගේ ඉරණම ළමා දිනය දා හෙළිවුන අයුරු….

by editor
ඔක්තෝබර් 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

වේදනාවෙන් ලියා තබමි. අප   පට්ට පදුරු තුච්ඡ කාලකණ්නි මිනිස්සුය. දෛවෝපගත ආකාරයට අද  (01) ලෝක ළමා දිනය ය. තවමත් පාසල් වියේ පසුවන නොදරුවෙක් අද මාධ්‍ය ඉදිරියට රැගෙන විත් ඒ දරුවා නින්දාසහගත ලෙස අපයෝජනය කරනු දුටුවෙමි.

මේ කියවන ඔබ  ඒ කතාව ඇසූ බවටත්, දුටු බවටත් සැක නැත. මේ වනවිට සමාජ මාධ්‍යයේ බලටි ගසමින් වෛරල් වන්නේ ඒ වීඩියෝවය. මීගස්ආරේ කජ්ජා ලෙස සමාජය හඳුන්වන අනුර විදානගමගේ ගේ 15 හැවිරිදි පුතා ඉඳුවර විදානගමගේ අද මාධ්‍ය  ඉදිරියේ කළ කතාව ඒ වීඩියෝවේ අන්තර්ගත වී ඇත්තේය.

ඒ පොඩි එකාගේ තාත්තා දහදුරා අපරාධකරුවෙක් ලෙස සමාජය හඳුනා ගෙන සිටියා වන්නට පුලුවන. නමුත් ඒ දරුවා තමාගේ තාත්තා වෙඩි තබා ඝාතනය වී සිටිනු   දුටු දරුවෙකි. තමන්ගේ සහෝදරයා සහ සහෝදරිය වෙඩි තබා ඝාතනය වී ඇති අයුරු දුටු දරුවෙකි. තමන්ගේ මව අනාචාරයේ හැසිරෙනු දෑසින් දුටු දරුවෙකි.  ඒ පොඩි එකා අද මාධ්‍ය ඉදිරියට ගෙන්වා උගේ ජීවිතයේ පුද්ගලික අත්දැකීම් සමාජ ගත කර ඌ කුඩුපට්ටම් කරනු දුටුවෙමි.

ඒ දරුවාට සිය අම්මා අනාචාරයේ හැසිරුණ අයුරු ප්‍රසිද්ධ මාධ්‍යයක් ඉදිරියේ ප්‍රකාශ කරන්නට සිදුවිය.  ඒ කම්පනය සහ ඉන් අනතුරුව ඒ දරුවාගේ අධ්‍යාත්මික දෙදරා යෑම  මොනතරම් විශාල දැයි මානුෂික හැඟීමක් සහිත ඕනෑම එකෙකුට තේරුම් යා යුතුය. ඒ තුවාල කවදාවත් සුව කරන්නට හැකි නොවන ආකාරයේ සදාකාලික රිදුම් දෙමින් ජීවියෙක් මරා දමන බිහිසුණු පිළිකා හා සමානය. තවමත් ජීවිතයේ දිගක් පළලක් නොදන්නා  මේ අසරණ දරුවා මාධ්‍ය ඉදිරියට ගෙනැවිත්   මේ සිදුකළේ පාපොච්චාරණයක් නොව ඌ සාහසික ලෙස ඝාතනය කිරීමක්ය. නැවත මේ දරුවාට සාධාරණ මනුෂ්‍යයෙක් ලෙස සමාජගත වීමට ඇති සියලුම ඉඩකඩ අසුරා දැමූ නින්දිත පාපකර්මයක් මේ පාදඩ වැඩේ පසුපස සිටි කාලකණ්ණින් විසින් සිදුකර තිබේ.

මේ කතාව පුරාම මට ඇසුනේ දරුවෙකුගේ අසරණකමය. තමන් අධ්‍යාපනය ලබන පාසල තුළ පාසල් සමාජය තුළ ඔහුට අත් වී ඇති ඉරණමය.  දරුවෙක් ලෙස තමන්ට හිමි විය යුතු සියල්ල අහිමිවීමේ වේදනාව,  ඥාති නිවෙස්වල අස්ථාවරව ජීවත් වීමෙන් ඇතිවන බිඳ වැටුණ මානසිකත්වයක් සහිත දරුවෙකුගේ ඉකි බිඳුම මේ ප්‍රකාශනවල ඇසෙන්නේය.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

සිය මව  අනියම් සැමියා සමග පියා ඝාතනය කළ බවට වූ සිතිවිල්ල මේ දරුවා තුළ ඉපදී ඇත. එසේත් නැතිනම් බලහත්කාරයෙන් උපදවා ඇත. තාත්තා ඝාතනය කළ අපරාධකරුවා මවට මුදල් එවා ඇති බව ඒ දරුවා විශ්වාස කරයි.  පියා ඝාතනය වන්නේ මවගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස බව ඔහු පුන පුනා කියයි.  එය දරුවෙක් විෂයෙහි සිදුකරන ව්‍යසනය කොපමණදැයි තේරුම්කර දීමට පරතෙර දත් මනෝ විද්‍යා ප්‍රවේශයන් අවශ්‍ය නොවේ.

එමෙන්ම මේ දරුවා කතා කරන වීඩියෝව ප්‍රසිද්ධ සියලුම මාධ්‍ය පාවිච්චි කළේය. උන්ගේ ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකා තුළ ද ප්‍රචාරය විය. නිසැකවම ඉතාම ඉහළ නැරඹීම් ප්‍රමාණයක් මේ මාධ්‍ය හිඟන්නන් විසින් ඒ දරුවාගේ කතාව අලෙවි කර ලබා ගන්නට ඇත. පැය දෙකක් ගතවන්නට පෙර  මේ දරුවාගේ කතාවට එක් ප්‍රධාන මාධ්‍යයක ෆේස් බුක් පිටුවේ පළ වී තිබුණ ප්‍රතිචාර ගණන 1600කට වැඩිය. අඩුම තරමින් ඒ ප්‍රතිචාර දැක්වූ උන්ගෙන් සියයට එකක් වත් මේ කතා කරන්නේ අවුරුදු 15කට ආසන්න වයසක පසුවන දරුවෙක් බව අවබෝධ කරගෙන තිබුණේ නැත. උන්ගේ ඇස්වල තිබුණේ මාලිමාවේ කණ්ණාඩිය. එසේත් නැතිනම් පොහොට්ටුවේ කණ්නාඩිය. තවත්  උන් හැසිරි තිබුණේ  ශිෂ්ඨාචාරයේ පහසක් නොලැබ අඳුරු ගුහාවල ජීවත්වන ම්ලේච්ඡ සත්ත්ව වර්ගයක ශේෂ වී සිටින ජාති අන්ධයන් සේය.

“අනේ මේ දරුවෙක්… ඇයි මේ දරුවට මෙහෙම කරන්නේ..” යැයි විමසන්නට තරම් සතියක් තිබූ අම්මලා කිහිප දෙනෙක් හැර අනෙක් උන් මේ දරුවා නිර්දය ගර්හාවට  ලක් කර ඇති ආකාරය දකින විට අපට හිතුනේ මේ ගෑනු මිනිස්සු දරුවන් නැති වඳ   වාහෙලා විය හැකි බවය.

කුමණ පරමාර්ථයක් වෙනුවෙන් හෝ මේ ආකාරයේ බිඳවැටුන දරුවෙකුගේ ජීවිත අඳෝනාව පාවිච්චි කළා එකෙක් වේ  නම්  ඌ සමීප වන්නේ  මිනිසෙකුට නොව තිරිසනෙකුටය.    මේ දරුවා මාධ්‍ය ඉදිරියට රැගෙන විත් අපයෝජනය කළ උන් ආණ්ඩුවේද, විපක්ෂයේ ද, එසේත් නැතිනම් වෙනත් කණ්ඩායමක් ද අදාල නැත. මේ රටේ නීතියක් වේ නම් එය එවැනි අර්ධ ම්ලේච්ඡයන්ට එරෙහිව ක්‍රියාත්මක විය යුතුය. අප අවධාරණයෙන්  යෝජනා කරන්නේ මේ සිද්ධ වුන ළමා අපචාරය ගැන රටට විමර්ශනයක් අවශ්‍ය බවය.

මේ දරුවා හෙට අපරාධකරායෙක් වේ නම්  ඒ හෙණ ගහන අපරාධයට මේ වීඩියෝව නැරඹූ මේ දරුවා තතනමින් තම මුහුණු පොතේ ලියා තැබූ කතාව බැලූ අප සියලු දෙනාම වගකිව යුතු බව ලියා තබමු. අප දැනටමත් අසරණ දරුවා ඒ තුච්ඡ මාවත වෙත ඇද දමා ඉවරය. හෘද සාක්ෂියක් තියන එකම මිනිහෙකුට ඒ වරදකාරී හැඟීමෙන් බේරෙන්නට නොහැකි බව විශ්වාස කරමි.

එක දෙයක් මතක තියා ගත යුතුය. ඒ, අපයෝජනය නොවී සුරක්ෂිත සුව පහසු ජීවිතයක් අවශ්‍ය උඹේ හෝ මගේ දරුවාට පමණක් නොවන බවය.  අපේ ඇස් පනාපිට රටේ දරුවන් පාදඩයින් විසින් අවලමේ යවනු දකිමින් නිහඬව සිටීමේ ආදිනව යළිත් වරක් විඳින්නට වන්නේ නුඹට හෝ මට නොව, නුඹේත් මගේත් දරුවන්ටය.

ළමා දිනයක් දා දෛවෝපගත ලෙස මේ ලියැවුනේ තුච්ඡ අරමුණු වෙනුවෙන් භාවිතා කර  දරුවන් විනාශ කිරීමට ඉඩ දී ඇති රටක ජීවත්වන අපේ  දරුවන්ගේ අනාගත මළගමය.

එක්කෝ ඒ මළගමට  සූදානම් වෙමු.  නැතිනම් මෙවැනි තුච්ඡකම්වලට විරුද්ධව කොන්දක් ඇති මිනිසුන් ලෙස එකතු වෙමු.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මගේ තාත්තා තාජුඩීන් ඝාතනයට සම්බන්ධව බව කියන්නේ අප සියලු දෙනා හැර දමා අනියම් පෙම්වතා සමග ගිය, තාත්තා ඝාතනයටත් සැක කරන ගැහැණියක්…

Next Post

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් නිසි ලෙස වෙලා නෑ… රෝහල් රැසක සේවා බිඳ වැටිලා… වගකීම රජය භාරගත යුතු බව GMOA කියයි!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.