උදය කුමාර රණවීර –
කඹුරුපිටිය කරපුටුගල දිවුල්ගහ ගොඩැල්ල ප්‍රදේශයේ ඊයේ(12) රාත්‍රි පුද්ගලයින් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් අතරතුර එල්ල වූ තියුණු ආයුධ ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා කඹුරුපිටිය මුලික රෝහලට ඇතුළත් කොට තිබේ.
ඊයේ රාත්‍රි පුද්ගලියන් පස් දෙනෙකු තම මිතුරෙකුගේ නිවසේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එම අවස්ථාවේදි ඔවුන් උස් හඩින් අසභ්‍ය වචන හා සිංදු කියමින් සිට ඇත. මේ ඝෝෂාව නිසා අසල්වාසි නිවසක පුද්ගලයෙකු පැමිණ කැකෝ ගැසිම් නතර කරන ලෙස පවසා තිබේ.
එහිදි මත්පැන් පානය කරමින් සිටි අයෙක් එම පුද්ගලයා සමග බහින්බස්වීමක් ඇති වී තිබේ. තත්ත්වය දුරදිග යැමෙන් අසල්වාසි පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදිමක් සිදුව ඇත.
එම ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වු පුද්ගලයාගේ ගෙල හා මුහුණ ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර තුවාල සහිතවම ඔහුගේ නිවස වෙත ගමන් කොට ඇති ජිවිතක්ෂයට පත්වු පුද්ගලයා සිද්ධිය වු ස්ථානයේ සිට කිලෝමිටරයක් පමණ දුරින් පිහිටි ස්ථානයකදි යාගත නොහෙැකිව බිම වාඩිවි තිබේ.
එම ස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනකු ඔහු වහාම කඹුරුපිටිය මුලික රෝහලට ඇතුළත් කිරිමට කටයුතු කළද ඒ වන විටත් එම පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව තිබේ.
සිදුවිම සම්බන්ධයෙන් ස්ථානීය මහේස්ත්‍රාත් පරික්ෂණය අද පෙරවරුවේ මාතර වැඩබලන මහේස්ත්‍රාත් ධම්මිකා රුබසිංහ විසින් පවත්වන ලද අතර පහරදිම සිදු කළ පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනිම සදහා පරික්ෂණ පවත්වන බවත් කඹුරුපිටිය පොලීසිය පවසයි.
මේලෙස මිය ගොස් ඇත්තේ කරපුටුගල යහලගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 40ක් වන තල්පේ හේවගේ ජයරත්න නැමති පුද්ගලයෙකි. ඔහුගේ දේශය පිලිබද පශ්චාත් මරණ පරික්ෂණය කඹුරුපිටිය මුලික රෝහලේදි සිදු කිරිමට නියමිතය.
සිදුවිම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කඹුරුපිටිය පොලීසිය විසින් සිදු කරනු ලබයි.







