සූරියවැව නුවන් ජයසේකර –
මිද්දෙණියේ කජ්ජා හා දරු දෙදෙනා ඝාතනය සිද්ධිය හා මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සොයා ගැනීමේ සිද්ධියට අදාල නඩු කටයුතු අද (17) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදි පැවති අතර මේ හේතුව නිසාම අධිකරණය අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි.
මෙහිදි අධිකරණයට පැමිණි නීතීඥවරුන් ඇතුළු සියළුම දෙනා දැඩි පරික්ෂාවකට ලක් කෙරුණි.
එහිදි අධිකරණ කටයුත්තක් සදහා පැමිණි එක් නීතීඥ වරයෙකුගේ කාර් රථයක තිබී පිස්තෝල වර්ගයේ ගිනි අවියක් හා ජිව උන්ඩ 15ක් පුරවන ලද මැගසිනයක් හා අමතර උණ්ඩ 05ක් අධිකරණ ගේට්ටු පරීක්ෂාවේ සිටි පොලිස් නිළධාරීන් විසින් සොයා ගන්නා ලදී.
එහිදී සිදුකල විමර්ශනයේ දී අනාවරණය වුයේ එම ගිණි අවිය එම නීතීඥවරයාට නීත්‍යනුකූලව ලබා දි ඇති ගිණි අවියක් බවය.
කෙසේ නමුත් අධිකරණයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිළධාරීන් මේ පිළිබඳව වලස්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කිංස්ලි හේරත් මහතා දැනුවත් කිරිමෙන් පසු නඩු කටයුතු අවසන් වන තෙක් එම ගිනි අවිය පොලිසිය බාරයේ තබා ගැනිමට පියවර ගැණුනි.







