තායිවානය ගැන චීනය දැඩි තීරණයක

China Taiwan

චීන මහජන විමුක්ති හමුදාව විසින් තායිවාන ස්වාධීන බෙදුම්වාදී ක්‍රියාකාරකම් සඳහා කිසිදු ආකාරයක ඉඩක් නොතබන බවත් රටේ ජාතික ආරක්ෂාව, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව අධිෂ්ඨානශීලීව ආරක්ෂා කරනු ඇති බවත් චීන ආරක්ෂක ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ෂින්හුවා පුවත් සේවය වාර්තා කළේය.

ෂින්හුවා පුවත් සේවය චීනයේ ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශයකු වන ටැන් කෙෆෙයි උපුටා දක්මින් කියා සිටියේ චීනය සිය ආරක්ෂාව තර කිරීමටත් තායිවානයේ චීන ආයිතය සහ උරුමය තහවුරු කිරීමටත් කැපවී කටයුතු කරන බවයි.

“තායිවානයේ ස්වාධීනත්වය හඹා යාම සඳහා ප්‍රගතිශීලි සහ ඩිමොක්‍රටික් පක්ෂ සහ ඒවායේ සමාජිකයින් කටයුතු කිරීමටත් ඒ් සඳහා භාහිර පාර්ශවයන්ගේ සහය ලබා ගැනීම චීනයේ ස්වෛරීභාවයට දැඩි තර්ජනයක් එල්ල වීතිබෙනවා. මේ ක්‍රියා නිසාම තායිවාන් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වය ඉහළ යාමට ප්‍රධාන හේතු තිබෙනවා″ යනුවෙන්ද ටැන් පැවසීය.


මෙහිදී තායිවානයේ නිදහස ඉල්ලා සිටින බෙදුම්වාදී ක්‍රියාවලට ප්‍රතිචාර වශයෙන් චීන මහජන විමුක්ති හමුදාවන් විසින් යුධමය මෙහෙයුම් සිදු කිරීමේ කිසිම ගැටලුවක් නොමැති බවටද ටැන් පවසා ඇති බවද ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තායිවාන ප්‍රශ්නය හේතුකොටගෙන ඇමරිකා එක්සත් ජනපදයට සිය සීමාව ඉක්මවා යෑමට නොහැකි බවත් තායිවානට චීනයට අයත් බවත් එබැවින් තායිවාන යනු චීනයේ අභ්‍යන්තර කාරණයක් බවත් ඊට බාහිර පාර්ශවයන් මැදිහත් වීමක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවද ටැන් අවධාරණය කර ඇත. තායිවානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවත්වා ඕනෑම මිලිටර් සම්බන්ධතාවයකට චීනය දැඩි ලෙස විරුද්ධ වන බවද ටැන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Exit mobile version