ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් වසර 11කට පසු අද (06) උදෑසන ට්විටර් වෙත පැමිණ තිබේ. ඔහු ට්විටර් වෙත පැමිණ ඇත්තේ වසර 11කට පමණ පසුය. මින් පෙර අවසන් වරට සකර්බර්ග් ට්විටර් වෙත පැමිණ තිබුනේ වර්ෂ 2012 ජනවාරි 12 වැනිදාය.
වසර 11 කට පසුව ට්විටර් වෙත පැමිණි මාර්ක් සකර්බර්ග් කිසිවක් නොපවසා රූපමය සටහනක් පමණක් තබා ගොස් තිබේ.

ට්විටර් සමඟ තරඟ වැදීම සඳහා මෙටා සමාගම දියත් කළ ත්රෙඩ්ස් අද(06) උදෑසන එම සමාගම මහ ජනයා වෙත මුදා හැර තිබිණි. එය සනිටුහන් කිරීම සඳහා මාර්ක් සකර්බර්ග් වසර 11 කට පසුව ට්විටර් වෙත ද්විත්ව අනන්‍යතාවයක් සහිත ස්පයිඩර් මෑන් රූ සටහනක් ට්විටර් හි තබා ඇත.
ඉන් අදහස් වන්නේ ට්විටර් සමාජ මාධ්‍යයට සියයට 100 සමාන තවත් අමුත්තෙක් සමාජ මාධ්‍ය වෙත පැමිණියා යන්න බව විශ්ලේෂකයෝ පවසති.
ට්විටර් සමාජ මාධ්‍යය ජාලයට සමානව මෙටා සමාගම මගින් දියත් කළ නවතම සමාජ මාධ්‍ය මෙවලම වන Threads අද (06) එළිදැක්වූ පසු එම සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පැවසුවේ පළමු පැය හතර තුළ ග්‍රාහකයින් මිලියන 5ක් ඒ හා සම්බන්ධ වී ඇති බවය.
සකර්බර්ග් ත්රෙස්ඩ් හඳුන්වා දී ඇත්තේ “සංවාදය සඳහා විවෘත සහ මිත්‍රශීලී පොදු අවකාශයක්” ලෙසිනි.
මෙම නව මෙවලම ට්විටර් ජාලයට දැඩි තර්ජනයක් විය හැකි බවත් ට්විටර් හිමිකරු වන ඊලොන් මස්ක් මෑතකදී සිදුකළ වෙනස්කම් හේතුවෙන් සමහර ග්‍රාහකයින් ඊට අකමැත්තක් පලකරන පසුබිමක නව මෙවලම සීඝ්රයෙන් ජනප්‍රිය වනු ඇති බවත් විචාරක අපෙක්ෂාව වේ.







