ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි සිසු සමුලුවකටවත් දකුණෙන් එන්න එපා… වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසකට සංවිධානාත්මක විරෝධයක්!

උතුරට වෘත්තීය අරගල ක්‍රියාකාරකම් එපා... දකුණෙන් පැමිණි කණ්ඩායම් පිටවිය යුතුයි... පිරිසක් විරෝධතා පවත්වති...

දිනසේන රතුගමගේ –

වසන්ත මුදලිගේ ඇතුලුව දකුණේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ උතුරට පැමිණීමට විරෝධය පල කිරීම සඳහා යාපනය විශ්ව විද්‍යාලයීය සිසුන් පිරිසක් හා යාපනයේ  ස්වේච්ඡා සංවිධාන කීපයක් යාපනයේදී උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණි.

ඔවුන් කියා සිටියේ උතුරේ දෙමළ වැසියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වීමේදී හා තවත්  සිද්ධීන්  නිසා පීඩාවට පත් වූ අවස්ථාවේදී දකුණේ ශිෂ්‍ය සංගම් උතුරු පළාතට පැමිණ ඒ සම්බන්ධයෙන් හඬක් නැගීමක් හෝ විරෝධය පලකිරීමක් සිදු නොකළ බවයි.

වසන්ත මුදලිගේ ඇතුලු පිරිසක් යාපනයට පැමිණ යාපනයේදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හරහා සිදුවන මර්ධනයට සහ තවත් කරුණු ගණනාවක් සම්බන්ධව  ශිෂ්‍ය සම්මේලනයක් පැවැත්වූ  අවස්ථාවේදී ඔවුන් එම ශාලව ඉදිරියේදී මෙම විරෝධතාවය පැවත්වූහ.

යාපනය විශ්ව විද්‍යාලයේ ක්‍රියාකාරී ශිෂ්‍යයින් පිරිසක් වසන්ත මුදලිගේ සමග එම සම්මේලනයට සහභාගී වී සිටියදී තවත් පිරිසක් ඊට එරෙහිව පවත්වන ලද විරෝධතාවයට එක්ව සිටියහ.


මෙම සම්මේලනය පැවැත්වීමේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් සිදුවන අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට එරෙහිව විරෝධයක් කුළුගැන්වීමය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂත්වය වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් වැඩිම පීඩාවට පත් වී සිටියේ උතුරේ වැසියන් වීමය.

Exit mobile version