“තව සති දෙකක් දුවන්න තෙල් තියෙනවා”- බලශක්ති ඇමති කියයි

තව දින 12 ක් සඳහා පෙට්‍රල් ද දින 14ක් සඳහා ප්‍රමාණවත් ඩීසල් ද මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගොඩබෑමට නොහැකිව තිබූ පෙට්රල් මෙට්‍රික් ටොන් 37,000 නෞකාවක් සහ ඩීසල් නෞකා දෙකක් මේ වන විට ගොඩබෑමට මුදල් ලැබී ඇති බැවින් මෙම කාලය තුළ ගැටලුවක් නොමැතිව ඉන්ධන සැපයීමට හැකි බව හෙතෙම සඳහන් කළේය.

මේ මාසයේ ඉන්ධන සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩොලර් මිලියන 200ක අඩුවක් පැවතියේ ය.


එය මුදල් ලැබෙන ප්‍රමාණය අනුව නිදහස් කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබෙන බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් තවදුරටත් විදුලිය කප්පාදු කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Exit mobile version