බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තව සතියකට පසු වාහන ආනයන වෙළෙඳපල විවෘත වුවත් පර්මිට් සඳහා වාහන ගෙන්වීමට ඉඩක් නෑ… ජනපති කියයි!

by editor
ජනවාරි 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වාහන ආනයනය සඳහා වෙළඳපල විවෘතවන මුල් අවස්ථාවේ දී පර්මිට් වලින් වාහන ගෙන්වීමේ අවස්ථාව නොලැබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.

ඊයේ (22) සිරස රූපවාහිනී නාලිකාවේ සටන සංවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ මේ වනවිට රජයේ නිලධාරීන් සඳහා නිකුත් කර ඇති පර්මිට් ප්‍රමාණය විසි දහස ඉක්මවා ඇති බවය. 2018 වසරේ දී බිලියන 1.9ක වාහන ආනනය කිරීමේ දී එම වැය බර එතරම් විශාල එකක් වූයේ වැඩි ප්‍රමාණයක් පර්මිට් වලින් ගෙන්වූ වාහන නිසා බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඔහු කීවේ මේ වසරේ වාහන ගෙන්වීමේ සීමාව ඩොලර් බිලියන 1.2කට සීමා කර ඇති බැවින් පර්මිට් සඳහා වාහන ගෙන්වීමට මුල් අවස්ථාවේ ඉඩ නොලැබෙන බවත්, ඒ සඳහා වෙනම වැඩපිළිවෙළක් පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවත්ය.

ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.

“අවුරුදු 05ක් ආනයනය නතර කරලා තියනවා. 2018 අප වාහන ආනයනය කරලා තියනවා ඩොලර් බිලියන 1.95 ක වගේ. 2019 දි 1.4ක වාහන ප්‍රමාණයක් ආනයනය කරලා තියනවා. අවරුදු 05කට පසු අපි වාහන ආනයනය කරන්න යනවා. එතකොට අපි මේ වාහන ආනායනය කරන්න යන්නේ ශක්තිමත් ඩොලර් සංචිත හදලාම නෙමෙයි. අපේ ආර්ථිකය තව දුරටත් ඉස්සරහට තල්ලු කරන්න මේ වාහන වෙළෙඳපල නිර්මාණය කරගත යුතුයි කියන ස්ථාවරයේ ඉඳලා.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

එහෙමනම් අපේ ඩොලර් සංචිතයට විශාල බලපෑමක් ඇති නොවිය යුතුයි. වාහන විසින් අපට සියල්ල කඩා වැටෙන තැනකට යන්න බෑ. ඉතාම ප්‍රවේශම් සහිතව වාහන වෙළෙඳපල විවෘත කරන්න ඕන.

දෙක… මිල ගණන් ගත්තම දැනට තියෙන්නේ ඩොලර්ය 190 තියනකොට ආනයනය කළ වාහන. දැන් ඩොලරය 300 වෙලා තියනවා. එතකොටම වාහනයක මිල එදා ඩොලරයට සාපේක්ෂව ආසන්න වශයෙන් සියයට 40ක මිල වැඩිවීමක් ඩොලරයේ හැසිරීම විසින් සිද්ධ වෙනවා.

තුන්වැන්න ආනයන සඳහා වැට් බද්ද සියයට 18ක් ඇතුළු වෙලා තියනවා. ඊලගට වාහන වෙළෙදපලේ දෙවැනි වෙළෙඳපලක් තියනවා. බොහෝ අය ලීසින් කරලා සෙකන්ඩ් හෑන්ඩ් වාහන අරන් තියනවා. එතකොට මේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකයි මේ වාහනයි අතර ආසන්න කමක් හැදුනොත් ආපසු වෙන අර්බුදයක් නිර්මාණය වෙනවා. සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකත් එක්කත් අලුතින් ආනයනය කරන වාහන මැච් කරන්න ඕන. සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක අර්බුදයට ගියොත් ලීසින් කොම්පැණි බැංකු ඔක්කොම අර්බුදයකට යනවා.

මහ බැංකුවත් එක්ක සාකච්ඡා කළා කොච්චර වගේ ඩොලර් ප්‍රමාණයක් වෙන් කළ හැකි ද කියලා.

හතරවෙනුව වාහන වෙළෙඳපල විවෘත කරනකොට ඒ මුළු පීඩනයම පෙබරවාරි මාසයේ එන්නේ නැතිව වසර පුරාම ගන්නේ කොහොමද කියන එක. ආසන්න වශයෙන් ඩොලර් බිලියන 1.2 ප්‍රමාණයක වාහන ආනයනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඩොලර් බිලියන 1.2ම පෙබරවාරි මාසයෙ ආනයනය කරන්න ඇතිවුනොත් ආයෙම ඩොලරය මත පීඩනයක් එනවා. ඒ තොරපුම විශාලයි. ඒ විසින් නැවත ගැටලුවක් ඇති කරනවා.

මාධ්‍ය – පර්මිට් විශාල ප්‍රමාණයකුත් තියනවා.

ජනපති – පර්මිට් සඳහා මේ වෙලාවෙ අවස්ථාව ලැබෙන්නේ නෑ. පර්මිට්වලට අවසථාව ලැබෙන්නෙ නෑ.

මාධ්‍ය – දැනට නිකුත් කරලා තියනවා විසි දාහක්

ජනපති – පර්මිට් විසි දාහක් නිකුත් කරලා තියනවා. අපි ඒකට වෙන ක්‍රමවේදයක් ගැන කල්පනා කරමින් සිටිනවා පසුව. නමුත් මේ අවස්ථාවේ දී පර්මිට්වලට අවස්ථාව ලැබෙන්නේ නෑ. මොකද 2018 දි මම බැලුවා බිලියන 1.9ක් ආනයනයට ගිහින් තියෙන්නේ වැඩිපුර පර්මිට්වලට වාහන තමයි එදා ඇවිත් තියෙන්නේ.

බිලියන 1.2ක වගේ ප්‍රමාණයක අපි වාහන රඳවා ගන්න ඕන. ඒ නිසා ආරම්බයේ දී මිල ඉහළ යාවි. ආරම්භක මාසයට දෙන තෙරපුම අඩු කරන්න ඕන. පසුව වෙළෙඳපල හැසිරෙන ආකාරය අනුව මේක නිදහස් කරගෙන යන්නේ කොහොමද කියලා. මෙතෙන්ට ගියෙ ආර්ථිකයේ සියල්ල සම්පූර්ණ කරමින් නොවේ. මෙය අවදානම් සහිත තීරණයක්. පැති කීපයකින්ම කල්පනා කරලා තමයි මේ තීරණය අරන් තියෙන්නේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එක යුද හමුදා කඳවුරකින් පැන්නූ ගිනි අවි 73කින් 35ක් තවමත් පාතාලයන් අතේ… ජනපති හෙළි කරයි!

Next Post

සහතික මිලට සහල් දෙන්න පුලුවන් මිලකට වී ගන්න… වංගු දාන හැම මෝලක්ම හමුදා භාරයට ගන්නවා…

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.