තලේබාන් සටන්කාමීන් කාබුල් දොරකටම

ඇෆ්ඝනිස්ථානයේ කාබුල් අගනුවරට බටහිරින් තලේබාන් සටන්කාමීන් ඇතුල් වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව තලේබාන් සටන්කාමීන් මේ වන විට නගරයට පහරදෙමින් පවතින බවද වාර්තා වේ.

ඉදිරියට ඇදෙමින් සිටින් තලේබාන් සටන් කාමීන් මේ වන විට කාබුල් නගරය ආසන්නයටම පැමිණ ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයද සනාථ කර තිබේ.


මේ අතර එරට ජනාධිපති මන්දිරයේ ආරක්ෂාව තර කර ඇති අතරම කාබුල් විශ්ව විද්‍යාලයේ බලය තලේබාන් සටන් කාමින් සතුවී ඇත.

ඒ අනුව මේ වනවිට ඇෆ්ඝනිස්ථානයේ සියලු දේශසීමා සහ සෙසු ගුවන් තොටුපලවල් තලේබාන් පාලනයට නතුවී තිබෙන අතර කාබුල් ගුවන් තොටුපල පමණක් රජය සතුව බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර කාබුල් හී අමෙරිකානු තානාපති කාර්යාල සේවකයන් අමෙරිකානු හමුදාවට අයත් Boeing CH-47 Chinook හෙලිකොප්ටර් යානයකින් මුදාගැනීමට සිදුව තිබේ.

Exit mobile version