තලේබාන් පාලනයෙන් අපරාධ වැඩි වූ ඇෆ්ගනිස්ථානය

afganistan

තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථානයේ අපරාධ වැඩි වී අතර පසුගිය දිනෙක හේරාත් පළාතේදී එක් පුද්ගලයෙකු පණ පිටින් ගිනි තැබීම හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි. පුද්ගලයින් සිව් දෙනා මෙම ඝාතනයට වරදකරුවන් වී තිබෙන අතර තලේබාන් රජය හේරාත් පොලීසියට ලිපියක් ද යොමු කර තිබේ.

මේ අතර ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් එල්ල වෙන චෝදනාවලට පිළිතුරු දුන් අමාත්‍ය මොහොමඩ් කාලිඩ් හනාෆි සඳහන් කරන්නේ ලෝකයට අවශ්‍ය සිය ජාතියේ සහෝදරියන්ගේ ගෞරවය විනාශ කිරීම බවයි. “ජාත්‍යන්තර ප්‍රජාවට ඕනේ එක පුටුවේ කාන්තාවක් හා පිරිමියෙක් ඉඳ ගන්න. ඒත් අපේ ජාතියේ එහෙම කරන්නේ නෑ. අපේ විශ්වාසවල හා ආගමෙන් අපිට එහෙම දේට සහයෝගය දෙන්නේ නෑ…”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තලේබාන්වරුන් බලයට පත් වූ පසු ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් රැසක් උල්ලංඝණය වන බවට ජාත්‍යන්තරයෙන් නිරන්තර චෝදනා එල්ල වෙයි. එහෙත් අමාත්‍යවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර කාන්තාවන් හිජාබ් ඇඳුමින් සැරසී සිය ආගමේ දක්වා ඇති ආකාරයට ජීවත් වෙන බව සඳහන් කරයි.


Exit mobile version