තලිබාන් ආක්‍රමණය සුළු ජාතික අරගලවලට ආදර්ශයක්… දෙමළ ප්‍රශ්නය මර්ධනය කළොත් ප්‍රතිඵල භයානක වේවි!. ශ්‍රීධරන්  

taliban

දිනසේන රතුගමගේ –

තලිබාන්වරුන්ගේ ආක්‍රමණය ලෝකයේ සියලුම සුලු ජාතීන්ගේ අරගලයන් පිළිබඳව විශාල පාඩමක් උගන්වන බැවින් ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන්ගේ අරගලය පිළිබදවද සෑම අයෙකුම අවධානය යොමු කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්  ඊයේ (18   ) දා පැවසීය.

උතුරේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කතා කළ ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පැවසුවේ සුළු ජන කොටස් වල අරගලයන් කුමන හෝ අවස්ථාවක  පුපුරා යාමට ඇති ඉඩකඩ වැඩි බවයි.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අරගලයද ඉතාම සාධාරණ හා අයිතිවාසිකම් වෙනුවෙන් කරගෙන යන අරගලයක් බව පවසන ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මේ ප්‍රශ්නයේදීද දෙමළ ජනතාව මර්දනය කිරීමට පියවර ගැනීම ඇතැම් විට ඉතා භයානක ප්‍රතිපල ඉදිරියේදී ඇති වීමකට  අතවැනීමක් බවද පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට දෙමළ ජනතාවගේ ප්‍රශ්න රාශියක් එකතු වී ඇති බව කී ශ්‍රීධරන් මන්ත්‍රීවරයා උතුරේ ඉඩම් ප්‍රශ්නය  දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යුද සමයේදී අතුරුදහන් වූවන් ගේ ප්‍රශ්නය හා උතුරු නැගෙනහිර පළාත් වලට  දේශපාලන විසදුමක් ලබාදීම  වැනි කාරණා වලට යම් විසදුමක් සෙවීමට පාලකයින් උත්සහ කළ යුතු බවද පැවසීය.

Exit mobile version