තරුණයෙක් මරා පාරේ දමා ඔහුගේම ෆෝන් එකෙන් නිවසට පණිවිඩෙත් දීලා

මහනුවර කටුගස්තොට තිත්තපජ්ජල උල්ලදුපිටිය පාරේ ඊයේ 13 රාත්‍රියේ වයස අවුරුදු 18 ක තරුණයකු මරා ගෙනැවිත් දමා තිබේ.

මෙම තරුණයා මාර්ගයට දමා ඔහුගේම දුරකතනයෙන් නිවසට දුරකතන ඇමතුමක් දි මවට කතා කල කිසියම් පද්ගලයකු ” අම්මෙමේ පුතා පාරේ වැටි සිටිනවා ” යැයි පවසා තිබේ. මේ සම්බන්ධ යෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු කරන තෙක් කටුගස්තොට මූලික රෝහලේ තැන්පත් කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිය ගිය තරුණයා කලක සිට පළාතේ මත්කුඩු භාවිත යේ යෙදි සිටින අයකු බව පැවසේ.

Exit mobile version