තරින්ද බේරන්න ගැසූ පොලිස් ගේම බුද්ධි අංශ නිසා වළකියි.

බීමතින් ඩිෆෙන්ඩර් රථයක් ධාවනය කර බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් මාරක අනතුරකට ලක් කළ තරින්ද රත්වත්ත ගේ වරදෙහි  ස්වරූපය ලිහිල් කර ගැනීමට   පොලිසිය විසින් කළ උත්සාහය රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ගේ මැදිහත් වීම නිසා වැළකී ගිය ආකාරය ගැන පොලිස් ආරංචි මාර්ග විසින්ම හෙළි කරයි.

සාමාන්‍ය බීමත් රියදුරෙක් අතින් සිදුවන මාරක රිය අනතුරක් වාර්තා කරන ආකාරයට හාත්පසින් වෙනස් ආකරයට සිය සේවයේ සිටින නිලධාරීන් දෙදෙනෙක් යට කර දැමූ මෙම රිය අනතුර ගැන වාර්තා කිරීමටත් තොරතුරු වසන් කිරීමටත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් කටයුතු කළ ආකාරය දැන් පොදු අවධානයට යොමු වෙමින් ඇත.

මෙම අනතුර සිදුවන්නේ 2020.06.11 දින රාත්‍රී 11ට පමණය. අනතුර සිදුවී ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ සිට එක් නිලධාරියෙක් පසු වූයේ දැඩි සත්කාර ඒකකයේ ය. මාරාන්තක තත්වයෙන්  පසු වූ ඔහු  අද අලුයම 05ට පමණ මරණයට පත් වූයේය.


එහෙත් එම අනතුර සම්බන්ධව හෝ එම අනතුරේ ස්වරූපය සම්බන්ධව පොලිසිය පැහැදිලි වාර්තාවක් ඉදිරිපත් කළේ නැති බවටත්, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ  නිලධාරියා මරණයට පත් වූ පසු පොලිස් මාධ්‍ය කෝට්ඨාසය  නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් ද අනතුර සාමාන්‍යකරණය කිරීමට  කටයුතු කළ බවටත් චෝදනා එල්ල වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මාරක රිය අනතුරින් එක් බුද්ධි නිලධාරියෙක් වූ විසි දෙහැවිරිදි සිතුම් දුලීක හේමාල්  මිය ගිය අතර අනෙක් නිලධාරියාගේ කකුල් දෙකම බිඳි ගොස් ඉතා අසාධ්‍ය තත්වයේ පසු වේ. මේ තරුණ නිලධාරීන් දෙදෙනා ජාතික රෝහලේ මුදල් කොල්ලය වැළැක් වූ බුද්ධි නිලධාරීන් දෙදෙනා ය.

Exit mobile version