පාකිස්තානයේ සියැල්කොට් හිදී දෙනෝදාහක් අන්තවාදීන් එකතු වී පහරදී අමු අමුවේ පිළිස්සූ ලාංකික ඉංජිනේරුවා බේරා ගන්නට තම ජීවිතය අවදානමක හෙළමින් උත්සාහ දැරූ අයකු පිළිබඳ වීඩියෝ සාක්ශිවලින් පෙනීගොස් තිබේ.
තමන්ගෙ ජීවිතය ගැනවත් නොසිතා මලික් අද්නන් නම් මේ තරුණයා දරපු උත්සාහය වෙනුවෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඔහුට Tamgha i Shujaat සම්මානය පිරිනමා ඇතැයි වාර්තා වේ.
එය පාකිස්තාන රජය විසින් යමෙකුගේ නිර්භීතකම උදෙසා පිරිනමනු ලබන දෙවැනි උසස්ම සම්මානය බව පැවසේ.










