පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසම පත් කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බවත්, ඔහු අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙස එම කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කිරීම හාස්‍යයට කරුණක් බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මාධ්‍යයට පැවසීය.
ඔහු පවසන්නේ මේ කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව විසින් අධ්‍යයනය කරමින් සිටින බවය.
මෙම ප්‍රහාරයට වගකිවයුත්තේ කවරෙක් දැයි එහි සඳහන් නොවන බව ද මේ ආණ්ඩුව ඒ සම්බන්ධව අධ්‍යයනයක් කරන බවද ඇමතිවරයා කීවේය. තමන් ද සහභාගී වී සිටින කමිටුව ඒ සදහා ජනාධිපතිවරයාට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තු වන බව ඇමතිවරයා පැවසීය.