තනි ගමනක් ගියොත් විමල්ට සිදුවන දේ ගැන පොහොට්ටු මහලේකම් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් ගැලවී වෙනම දේශපාලන ගමනක් ගියහොත් ඇමති විමල් වීරවංශ මහතාට සිදුවන්නේ ද අහිකුන්ටකයා නොමැතිව නටන්නට ගිය නයාට සිදුවන දේ බව පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥයන් සාගර කාරියවසම් මහතා පවසයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා දරන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බවට ඇමැති විමල් වීරවංශ මහතා පුවත්පතකට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් “තෘත් විත් චමුදිත” යූටියුබ් නාළිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙම්න් මේ බව කියා සිටී.

“පොදුජන පෙරමුණේ නායකයා කවුද කියලා දැන දැනත්, නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පැහැදිලිව ස්ථාවරය ප්‍රකාශ කර තිබියදීත් ඔහුගේ ප්‍රකාශය, ඒ තුළ මේ අඩංගු වූ දේවල් කුමන අරමුණකින් කලාද කියලා හිතාගන්න බැහැ.
මේ වෙලාවේ විමල් වීරවංශ ඇමතිවරයා මේ ප්‍රකාශය කිරීම අපිටත් ප්‍රශ්නයක්. මම හිතන්නේ මේක මාධ්‍ය සංදර්ශනයක්.


විමල් කළේ කිසිසේත්ම සාධාරණීකරණය කළ හැකි ප්‍රකාශයක් නෙවෙයි. මම ඉතා වගකීමෙන් කියන්නේ පොදුජන පෙරමුණ පක්ෂය නිර්මාණයට කිසිදු ආකාරයකින් විමල් වීරවංශ මහතාගෙන් අබමල් රේණුවක දායකත්වයක් තිබුණේ නෑ. නෙළුම් මල, නෙළුම් පොහොට්ටුව ආදි සියලු කාරණාවල දී පවා හැමදේම කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ බැසිල් රාජපක්ෂ මැතිතුමා.

විමල්ට එහෙම කියන්න අයිතියක් නෑ. මොකද ඔහු පොදුජන පෙරමුණේ පක්ෂයේ සාමාජිකයෙක් නෙවෙයි. ඔහු 2015දී ගත්ත ඡන්ද ලක්ෂ තුන වත් රැකගන්න බැරිවෙච්ච කෙනෙක්. ඔහුට 69 ලක්ෂය ගැන කතා කරන්න අයිතියක් නෑ.

මේ ප්‍රකාශය හෙළා දැකීම මට කවුරුවත් කියලා කරපු දෙයක් නෙවෙයි. ඒක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් තොරව ප්‍රධාන කණ්ඩායමක් එකතු වී සාකච්ඡා කොට කරන ලද දෙයක් . ඊට සහභාගී වූ කණ්ඩායම ගැන මට කියන්න බැහැ. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මේ ප්‍රකාශය කළ නිසා ඔහු ඊට සහභාගි වුණේ නැහැ. මේ පක්ෂයේ නිර්මාතෘවරයා විදියට බැසිල් රාජපක්ෂ මහතා මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම නොසතුටක ඇති. පක්ෂයේ සියලු නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැඩි නොසතුටකින්. අගමැතිවරයා මේ වෙද්දි කණ්ඩායම් රැස්වීමක් කැඳවා තිබෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අහිකුන්ටකයා එක්ක නයා ගිහිල්ලා නටන කොට, මිනිස්සු බිත්තර දුන්නාම සල්ලි දුන්නාම නයා හිතුවා මම තනියෙන් ගිහිල්ලා නැටුවොත් මේ ඔක්කොම මට ගන්න පුළුවන් කියලා. හැබැයි ඊළඟ දවසේ නයා තනියෙන් නටන්න ගිහින් මිනිස්සු පොල්ලෙන් ගහලා මරලා දැම්මා. අහිකුන්ටකයා නැතුව නයාට තනියෙන් නටන්න බෑ.”

Exit mobile version