සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තංගල්ලේ මෙහෙයුමෙන් එක් තැනක දී සොයා ගත් වැඩිම කුඩු තොගයේ හිමි කරුවන් අනාවරණය වේ!…

by editor
සැප්තැම්බර් 22, 2025
in පුවත්
උනාකූරුවේ ශාන්ත ( වමේ ) සහ කළු සාගර

උනාකූරුවේ ශාන්ත ( වමේ ) සහ කළු සාගර

Share on FacebookShare on Twitter

ගොඩබිම එක් මෙහෙයුමකින් එක් දිනක් තුළ සොයා ගත් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය මේ වනවිට පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ. ප්‍රමාණය අයිස් සහ හෙරොයින් කිලෝ 635කට අධිකය.

මේ රටේ මිනිස්සු අවාසනාවන්ත නැති බව තේරුම් ගත යුතුය. මේ අයිස් තොගය අනාවරණයට පාදක වූ හේතුව මරණයකි. ඒ මරණයත් සමග විචක්ෂණ ලෙස සිද්ධි තේරුම් ගෙන පෙළ ගස්වා මෙහෙයුමක නිරත වුන පොලිසිය මේ වනවිට මේ මත්කුඩු කිලෝ 635කට වැඩි ප්‍රමාණයේ කතාව මුළුමනින්ම හෙළිදරවු කරගෙන ඇත.

රටේ බිහිසුණුම මත්ද්‍රව්‍ය ජාලයක තිරශ්චීන තුච්ඡ ස්වරූපයත් සමග මේ අනාවරණය වූයේ සමාජ දේහය පාතාල අපරාධකරුවන් විසින් විකල් කර ඇති ආකාරයේ තැතිගන්වන විලාසය මේ සිද්ධියේ පෙළ අපට කියමින් ඇත.

සිදුවීම් දිග ඇදෙන්නේ මෙසේය.

තංගල්ල පොලිස් වසමට අයත් සීනිමෝදර ප්‍රදේශයේ පැරණි නිවසක් වටේ තාප්පයක් බැඳ අළුත්වැඩියා කරමින් තිබිණි. ඉදිකිරීම් කටයුතු අතර පිරිසක් නිවසේ ගැවසෙමින් සිටියේය. ප්‍රදේශවාසීන් පවසා තිබුණේ ලොරි කීපයක් නිවසේ මිදුලෙහි විටින් විට නවතා ඇති අයුරු දකින බවය.

ඊයේ නිවසේ සාදයක් පැවැත්වෙමින් තිබිනි. නිවසේ මිදුලේ ලොරි තුනක් විය. එක් ලොරියක් බට්ටා ලොරියකි. සාදය අතර දී මහා රෑ බට්ටා ලොරියේ රියදුරුට අසනීප ගතියක් දැනී තිබිණි. මේ පුද්ගලයා තංගල්ල, විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි සුවඳහැන්නැදිගේ තුසිත වෙනුර කුමාර ( 50 ) නැමැති පුද්ගලයෙකි. ඔහු සිය දරුවන්ට කතා කර තිබිණි. ඔහු කියා සිටියේ තමන් අසනීප තත්ත්වයකින් පෙළෙන බවත් හැකි ඉක්මනින් පැමිණ රෝහලකට රැගෙන යන ලෙසත්ය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ඒ පණිවිඩයට දරුවන් දෙන්නා ඔහු කී ස්ථානයට පැමිණියේය. පියා වහාම ලඟම තිබූ පුද්ගලික රෝහලකට රැගෙන ගිය පසු එම තරුණයින්ට වෛද්‍යවරයා පවසා ඇත්තේ බරපතල තත්ත්වයක් නොමැති බවය. බෙහෙත් රැගෙන නිවසට පැමිණ ටික වෙලාවක් යන විට තුසිත වෙනුර කුමාර නැමැති මේ රියදුරා දැඩි ලෙස අසාධ්‍ය වී ලේ වමනේ දමන්නේය. දරුවන් දෙදෙනා යළිත් සිය පියා රැගෙන රෝහලට ගොස් ඔහුව රෝහලට ඇතුළු කරන්නේය.

පියාගේ ලොරි රථය මේ වනවිට සාදය පැවති ස්ථානයේය. දරුවන් දෙදෙනා යළිත්එම ස්ථානයට යන්නේ පියාගේ ලොරි රථය රැගෙන එන්නටය. ඒ අවස්ථාවේ දී ලොරිය දීම පසෙක තබා ස්ථානයේ සිටි කීප දෙනෙක් තරුණයින් දෙදෙනාට දැඩිව පහර දී තිබණි. පහර කෑ ඔවුන් දෙදෙනා රෝහල් ගත විය. ඒ අතර මේ පුතුන් දෙදෙනාට ආරංචි වන්නේ සිය පියා මිය ගොස් අති බවය.

එම සිද්ධියත් සමග එක් තරණයෙක් පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා සිය පියාගේ මරණයත්, සීනි මෝදර නිවසේ නවතා තිබූ සිය පියාගේ බට්ටා ලොරිය ගන්නට ගිය විට සිදුකළ පහරදීමත්, තවත් පුද්ගලයින් දෙදෙනෙක් අසාධ්‍යව නිවසේ වැටී සිටින ආකාරයත් හෙළි කළේය. ඔවුන් කීවේ මේ ක්‍රියාදාමය ගැනම බරපතල සැකයක් ඇති බවය.

වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් අද අළුයම තොරතුර ලද සීනිමෝදර නිවසට ගියේය. තරුණයින් කීවා හරිය. ඔවුන්ගේ පියාගේ බට්ටා ලොරි රථය පසෙක නවතා තිබේ. තරුණයින් දෙදෙනෙක් නිවස තුළ මිය ගොස් ඇත. ඔවුන් මත්පැන් සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කළ බවට පෙනෙන සාධක පොලිසිය නිරීක්ෂණය කළේය.

නිවස තුළ මියගොස් සිටියේ ඩබ්ලියු.ඊ. කවිඳු කල්හාර නමැති 21 හැවිරිදි තරුණයෙක් සහ ධනුක ලක්ෂාන් හේවාවිතාරණ නම් 24 හැවිරිදි තරුණයෙකි. එක් අයෙක් මිය ගොස් සිටියේ නිවසේ සාලය මැද දමා තිබූ කම්බි කූරු ගොඩක් මැදය. අනෙක් තරුණයා එක් පුටවක හිඳගෙන තවත් පුටුවක් මත කකුල් දෙක තබාගෙන සිටි වනම මියගොස් සිටියේය. මේ තරුණයින් දෙදෙනා අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

වැඩි දුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් ද අපරාධ ස්ථානයට එන්නේය. ඔවුන් නිරීක්ෂණය කරන්නේ යම් අසාමාන්‍ය සිදුවීමක හැඩය ය. දැඩි විමර්ශනයක යෙදෙන අපරාධ පරීක්ෂණාගාර විමර්ශන කණ්ඩායම මුලින්ම හඳුනා ගන්නේ බට්ටා ලොරියේ සැඟවුන කුටියකි. එය මුද්‍රා තැබූ ආකාරයක් දක්නට ලැබිණි. නිලධාරීන් එම කොටසේ ඇණ ගලවා සවි කර තිබූ තහඩුව ඉවත් කළේය. ඔවුන් දකින්නේ ලොරියේ රහසිගතව සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකකට වැඩි බරක් සහිත පැකට් 10කි.

ඒ අවස්ථාවේ එතැන සිටි කාන්තාවක් අපරාධ පරික්ෂණාගාර නිලධාරියෙකුට ලංව පවසන්නේ තවත් මෙවැනි ලොරි රථ දෙකක් මෙම ස්ථානයේ තිබූ බවත් එම ලොරි රථ සිද්ධියත් සමග මාරු වී ගොස් ඇති බවත්ය. එම තොරතුරත් සමග වහන් වී සැඟවුන ලොරි රථ දෙක සොයන්නට පොලිසිය යුහුසුළු වුනේය. නිවසට කිලෝ මීටර කීපයක් දුරින් කොමඩු පුරවාගෙන පාර අයිනේ නවත්වා තිබූ ලොරිය පොලිසියට හමුවන්නේ ඒ අනුවය.

කොමඩු බාන විමර්ශන අංශ ලොරිය පරීක්ෂා කරන විට එහිත් හමුවන්නේ රහස් කුටියකි. කුටියේ යකඩ තහඩුව ඉවත් කළ විට ලොරියේ සැඟවුන කුටිය පුරාම ඇසිරූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ය. කිලෝ තුන්සීයක් ඉක්ම වූ කුඩු තොගයක් එතැනය.

අත් නොහල ක්ෂණික විමර්ශන ක්‍රියාවලිය නිවසේ තිබුණු තුන්වැනි ලොරිය ද සොයා ගත්තේය. එහිත් සැඟවුන කුටියක අයිස් මත්ද්‍රව්‍ය ය. ලොරි තුනෙන්ම හමුවී තිබුණු අයිස් තොගය කිලෝ 635කි. වාර්තා වන්නේ ගොඩබිම දී එකම තැනකින් අල්ලා ගත් විශාලම අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය මෙය බවය.

බඩු කාගෙද?

මේ වනවිට මූලික විමර්ශනවලින් බොහෝ දේ අනාවරණය වී තිබේ. මේ කුඩු තොගයේ හිමිකරුවන් දැනට මේ රටින් පැන ගොස් සිටින දීර්ඝ අපරාධ ඉතිහාසයක් සහිත පාතාලයන්වන කළු සාගර සහ උනාකූරුවේ ශාන්තය. මුන් පාතාල ගේම් ගහන්නට පටන් ගෙන ඇත්තේ මධුෂ්ටත් කලින් සිටය.

විදාන පතිරණගේ නුවන් දර්ශන නොහොත් කළු සාගර සමූහ ඝාතන සිදුකළ මිනීමරුවෙකි. අධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළ පාදඩයෙකි. බැංකු කොල්ලකරුවෙකි. ජාත්‍යාන්තර රතු වරෙන්තුවක් නිකුත් කර ඇති ජඩයෙකි. මුන් දෙදෙනා පසුපස කංජිපානි ඉම්රාන් සිටින බවට ද මතයකි.

ටොන් භාගයකට අධික අයිස් සහ හෙරොයින් තොගයක් ඩීල් කරන්නට මුන්ගේ ජාල මොනතරම් ශක්තිමත් සහ තියුණු විය හැකිද යන්න අප තක්සේරු කරගත යුතුය. එහිදී පාතාලයින්ගේ හැසිරීම සම්බන්ධ තොරතුරු ද හෙළිදරවු වෙමින් ඇත.

ඒ අනුව මේ වනවිට අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයින් තුන් දෙනෙක් ගේ කතාව වෙනම දිශානතියක් අනාවරණය කරමින් ඇති බව පෙනේ. උනාකූරුවේ ශාන්ත සහ කළු සාගර අනුගමනය කරන එක් සාහසික අපරාධයක් පවතින බවට තොරතුරු ලැබේ. ඒ තමන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ බරපතලම වැඩ කොටස කරන පිරිසෙන් කලක් තිස්සේ වැඩ ගෙන ඔවුන් සූක්ෂම ලෙස මරා දමා සිද්ධියෙන් ඉවත් කර සාක්ෂි විනාශ කිරීමය.

මුන් වෙනුවෙන් බෝට්ටුවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන කණ්ඩායම් මෙන්ම රට තුළ බෙදා හරින සීමිත කණ්ඩායම, මත්ද්‍රව්‍ය ජාලයේ අතිශය සංවේදී කාරනා ගැන දන්නා ජාලය තුළම සිටින පුද්ගලයින් සැකයක් නොසිතන ලෙස ඝාතනය කිරීම කලක් තිස්සේ කළු සාගරලා කරගෙන ගොස් ඇති බවට දැන් සැක පහළ වී ඇත. එවැනි අවස්ථා සම්බන්ධ සහිත සැක කටයුතු මරණ කීපයක් ගැන පොලිසියේ අවධානය ද යොමු වී ඇති බව වාර්තා වේ.

මිය ගිය කොල්ලො දෙන්නා වස දී මරා දැම්මා ?. නැතිනම් මේ මරණවලට හේතුව මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවෙන් ලබා ගැනිම වැනි කාරණාවක් ද?.. රටට ඉක්මනින් පිළිතුරු අවශ්‍ය ය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති මොනවා කළත් කමක් නෑ…. සෑහීමකට පත් විය හැකි විසඳුමක් නොලැබුනොත් ලබන බදාදා වර්ජනයක් අනිවාර්යයි… ලංවිම වෘත්තීය සමිති කියයි!

Next Post

කටුනායකින් මාට්ටු වෙතැයි සිතා යාපනේ ගුවන් තොටුපල හරහා රත්තරන් පන්නන්න හැදූ කොළඹ කාන්තාවක් ලක්ෂ 35ක රන් සමග අත් අඩංගුවට…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.