මඩෙහි එරුණ ඩෝසර් රජ ගොඩ ගනිත – තුමුල බෙලැති රණවිරුවන් මිස අන් කෙවත

දිලංක ගුණතිලක

කුඹුරක බිම් සකසමින් තිබූ එක්ස්කැවේටර් යන්ත්‍රයක් මඩේ එරීමෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සන්නාහ සන්නද්ධ රථ යොදා ගෙන ගොඩ ගැනීමේ සිද්ධියක් කළගෙඩිහේන ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

එම සිද්ධිය මෙසේය.


අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පුරන් කුඹුරු අස්සැද්දීමේ ජාතික වැඩසටහන යටතේ කලගෙඩිහේන, ගලහිටියාව ප්‍රදේශයේ අත්හැරදමා තිබූ වෙල් යායක ගොවිතැන් කටයුතු සඳහා බිම් සැකසීමට අදාළ එක්ස්කැවේටර් යන්ත්‍රය යොදවා තිබුණි. මේවන විට පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ එම කුඹුරේ පැවති අධික මඩ සහිත ස්වභාවය නිසාවෙන් මෙලෙස බිම් සැකසූ එක්ස්කැවේටර් යන්ත්‍රය දැඩි ලෙස මඩෙහි එරිණ. එක්ස්කැවේටර් යන්ත්‍රයේ දම්වැල් ඉහළ මට්ටමටත් ඔබ්බෙන් ගිලී යන තුරුම බැකෝ යන්ත්‍රය ගොඩ ගැනීමට එහි හමිකරුට නොහැකි විය. ‌ඒ අවස්ථාවේදී එක්ස්කැවේටර් යන්ත්‍රයේ හිමිකරු එම එක්ස්කැවේටර් යන්ත්‍රය ගොඩගැනිම සදහා යුද්ධ හමුදා සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලමින් වීඩියෝවක් සමාජ මාධ්‍යවෙත මුදා හරිනු ලැබිණ. එසේම කලගෙඩිහේන, එක්සත් ගොවි සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් ලිපියක් මගින්ද අදාල ඉල්ලීම යුද්ධ හමුදාධිපති තුමා වෙත යොමුකර තිබුණි.

ඒ පිලිබදව අවධානය යොමුකල ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිද්ධිය පිළිබදව ඉංජිනේරු බලකාය විසින් විමර්ෂණයක් සිදුකර අවශ්‍ය කටයුතු සුදානම් කරන්නැයි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් ඒ.එන් අමරසේකරට උපදෙස් ලබාදෙන ලදි.

ඉන් අනතුරුව ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ඒ එන් අමරසේකරගේ අධික්ෂණයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායට අයත් ආපදා රථයක් යොදා ගනිමින් පැය දහයකට අධික වෙහෙසකර මෙහෙයුමකින් අනතුරුව අදාළ එක්ස්කැවේටර් යන්ත්‍රය ගොඩ ගැනීමට යුද්ධ හමුදා භට පිරිස් කටයුතු කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් උවදුර මර්ධනය කිරීම වෙනුවෙන් සිය උපරිම දායකත්වය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ලබා දී ඇති අවස්ථාවක සමාන්‍ය ජනතාවගේ මෙවැනි හදිසි අවශ්‍යතා පිලිබඳව අවධානය යොමුකර ඔවුන්ට අවශය සේවය සැපයීමටත් යුද්ධ හමුදාව ඉදිරිපත් වීම සම්බන්ධයෙන් එක්ස්කැවේටර් යන්ත්‍රයේ හිමිකරු මෙන්ම ප්‍රදේශවාසීහු යුද්ධ හමුදාවට සිය ප්‍රණාමය පුද කළහ.

Exit mobile version