මිය ගිය ඩොල්පින් සත්ත්වයකු ඇතුළු මුහුදු ජීවීන් ගණනාවකගේ සිරුරු දකුණු වෙරළ තීරයේ දී අද නිරීක්ෂණයට ලක් කිරීමට හැකි වූ බව වන ජීවී ආරංචි මාර්ග සඳහන් කරයි.
මිය ගිය ඩොල්පින් සිරුර ඉඳුරුව වෙරළ තීරයේදී දක්නට ලැබුණු අතර මෙම සත්ත්වයා ඊයේ හෝ අද මිය ගිය සත්තවයකු විය හැකි බවට අනුමාන කෙරෙන බව එම අරංචි මාර්ග සඳහන් කළේය.
මේ වනවිට මෙම ඩොල්පින් සිරුර අත්තිඩියට වනජීවී කාර්යාලය වෙත ගෙනවිත් ඇති අතර ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යොමුවීමට නියමිතය.
පසුගියදා ගිනි ගෙන දැවී මේ වනවිට ශ්‍රි ලංකා මුහුදු සීමාව තුළ ගිලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවීමෙන් පසුව මුහුදු ජීවීන් ගණනාවක් මිය ගොස් ඇති අතර අද දිනයේ මෙම ඩොල්පින් සත්ත්වයාට අමතරව කැස්බෑවුන් හය දෙනකු ඇතුළු මුහුදු ජීවීන් ගණනාවක් දකුණු වෙරළ තීරයේදි නිරීක්ෂණය කිරීමට හැකි වී ඇත.