ඩොලර් අර්බුදය තවත් උග්‍ර වෙයි- තානාපති සම්බන්ධතාවලටත් බාධා

ඩොලර් හිඟය සහ දැඩි ණය බර හේතුවෙන් රජය විදේශ දූත මණ්ඩල සඳහා වෙන් කරන ලද අරමුදල් කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

මේ තත්ත්වය මත විදේශ තානාපතිවරුන් සහ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයන් සඳහා වෙන් කර ඇති නියෝජිත දීමනා සඳහා සිදු කෙරෙන වියදම්වලට අදාළ අපසු ගෙවීම් මේ වනවිට නතර කර ඇති අතර මෙම තත්ත්වය රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට අදාළ ක්‍රියාකාරකම් අවම කිරීමට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට සිදුව ඇත.

මේ අනුව විදේශයන්හි ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල තනතුරු නඩත්තු කිරීම සම්බන්ධ වියදම් අවම කිරීම සඳහා අමතර වියදම් අඩු කරන ලෙස විදේශ අමාත්‍යාංශය විසින් සියලුම විදේශ දූත මණ්ඩල ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.


මේ පිළිබඳ උපදෙස් විදේශ ලේකම් විශ්‍රාමිත අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොලඹගේ විසින් දූත මණ්ඩල සියල්ල සඳහා උපදෙස් මාලාවක් නිකුත් කිරීමට කටයුතු කර ඇත.

නියෝජිත දීමනාවක් ලෙස දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා ඇමෙරිකානු ඩොලර් 700 – ඩොලර් 3600 ක මුදලක් ගෙවන අතර අනෙකුත් ශ්‍රේණිගත නිලධාරීන්ට ඩොලර් 200 – ඩොලර් 400 ක් පමණ ලැබෙන බව ප්‍රතිපාදන ඇස්තමේන්තු මගින් අනාවරණය විය.

මෙම දීමනා සෑම රටකම බලධාරීන් සමඟ සබඳතා ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාවේ සංචාරක, වෙළඳ, දේශපාලන, ආර්ථික සහ ආරක්ෂක සබඳතා ප්‍රවර්ධනය කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රික රැස්වීම්වලදී නිල තෑගි පිරිනැමීම වැනි ක්‍රියාකාරකම් සඳහා යොදා ගනී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2022 අයවැයෙන් විදේශ අමාත්‍යාංශයේ අයවැය ප්‍රතිපාදන රු. 2021 දී රුපියල් බිලියන 12.36 සිට පුනරාවර්තන වියදම් සඳහා රුපියල් බිලියන 12.85 ක් ලෙස වැඩි කොට ඇතත් විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල වියදම් අඩු කිරීමට බල කෙරෙන බව ඔහු සන්ඩේ ටයිම්ස් පුවත් පත වෙත පවසා ඇත.

Exit mobile version