ඩෙල්ටා බිය සහ නිරෝධායන නීති පොඩ්ඩක් පැත්තකින් තබා වව්නියාව බැසිල් ආගමනය සමරයි…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බැසිල් රාජපක්ෂ  මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්  දී මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීමත් සමගම ප්‍රීතියට පත් වවුනියාවේ පිරිස්   නගරට එක් වී රතිඤ්ඤා දල්වමින් ඔල්වරසන් දෙමින් ඔවුන්ගේ ප්‍රීතිය සැමරූහ.

මේ අවස්ථාවට පැමිණි පොදුජන පෙරමුණේ වසන්ත රාජකරුණා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කියා සිටියේ උතුරු වසන්තය වැඩ සටහනින් බැසිල් රාජපක්ෂ   පළාතට විශාල සේවයක් සිදු කොට ඇති නිසා යළිත් උතුරේ ජනතාවට ජාති හා ආගම් භේදයකින් තොරව  විවිධ සංවර්ධන කටයුතු භුක්ති විදීමට අවසර ලැබෙන බවයි.

මේ අවස්ථාවට වවුනියාවේ සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාව සහභාගී වී සිටියහ. පොලිසියේ හෝ සෞඛ්‍ය අංශවල බලපෑමකින් තොරව පිරිස් නගර මධ්‍යයේ ප්‍රීති වූහ.

Exit mobile version