ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක වැළඳෙන රෝග ලක්ෂණ නැති හෘදයාබාධ මාරකයක්… විශේෂඥ වෛද්‍ය  ගෝඨාභය රණසිංහ හෙළි කරයි…

කීර්ති ප්‍රනාන්දු –

ඩෙල්ටා ප්‍රභේදයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා හෘදයාබාධවලට ලක් වන රෝගීන් වාර්තා වීමේ තත්වයක් මතු වී ඇතැයි කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ හෘද ශල්‍ය වෛද්‍ය ගෝඨාභය රණසිංහ පවසයි.

මීට පෙර අවස්ථාවල වාර්තා වූ කොවිඩ් රෝගීන්ගෙන් මෙසේ හෘදයාබාධවලට ලක්වන රෝගීන් වාර්තා නොවූ බවත් නව කොවිඩ් ප්‍රභේදයක්වන ඩෙල්ටා ප්‍රභේදයේ සංකූලතාවයක් ලෙස මෙම තත්වය ඇතිවීමට හැකි බව ද විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ කියයි.

ඔහු පෙන්වා දෙන ආකාරයට     මෙසේ හෘදයාබාධාවලට ලක්වී ඇති පුද්ගලයන් වයසින් ඉතා අඩු මට්ටමක සිටින අය වලුන්ය.


සාමාන්‍ය හෘදයාබාධයකට අධි රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ට්‍රෝල් තත්වය, බලපාන බවත්, නමුත් මේ වනවිට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී  හමුවූ කිසිදු රෝගියෙකුට එම රෝගී තත්වයන්ට ගොදුරු නොවී උක්ත කොවිඩ් ප්‍රභේදය නිසාම හෘදයාබාධවලට ලක්වූ පුද්ගලයන් බව ද ගෝඨාභය රණසිංහ කියයි.

එම නිසා කිසියම් අයුරකින් කුමන වයස් මට්ටමක සිටින අයෙකු වුවත් හෘද රෝග තත්වයක් මතුවු විගසම ජාතික රෝහලට ඇතුළත් වන ලෙස දන්වා සිටින බව ද පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවද මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදයට ගොදුරු වීමෙන් හෘදයාබාධයන්ට ලක්වන රෝගීන් පිළිබඳ විශේෂ පර්යේෂණාත්මක සොයා බැලීම් සිදුකරන බවද විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

 

Exit mobile version