ඩෙන්මාර්කය ෆොසිල ඉන්ධන නැතිව ගුවනින් යන්න සැරසෙයි

ඩෙන්මර්කය 2030 වර්ෂය වන විට එරට අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ෆොසිල ඉන්ධන භාවිතා කිරීම නවතා දැමීමට තීරණය කර තිබේ.

නව වසර ආරම්භය වෙනුවෙන් ඩෙන්මර්ක අග්‍රමාත්‍ය මෙට් ෆෙඩි්‍රක්සස් විසින් සිදුකළ කතාවේදී මේ බව අනාවරණය කර ඇත.

ඒ අනුව ගුවන් ගමන් වාඩත් පරිසර හිතකාමී කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවද අග්‍රමාත්‍යවරිය සඳහන් කර තිබේ.


ඩෙන්මාර්කය විසින් වර්ෂ 2030 වන විට එරට කාබන් විමෝචනය සියයට හැත්තෑවකින් පහළ දැමීමට අරමුණ කරගෙන තිබීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් ඩෙන්මාර්කය පරිසර හිතකාමී අරමුණ වෙත ලඟවීමට ඉතා මන්දගාමී මට්ටමක පවතින බවද ඩෙන්මාර්ක අග්‍රාමත්‍යවරිය ප්‍රකාශ කර තිබේ.
“අනෙක් රටවල් මන්දගාමීව යන ගමනට අපි නායකත්වය ලබා දියයුතුයි.” යනුවෙන්ද ඇය ප්‍රකාශ කර ඇත.

අභ්‍යන්තර ගුවන් ගමන් පරිසර හිතකාමී අයුරින් පවත්වාගෙන යාම ඉතා දැඩි අභියෝගයක් වුවත් සියලුදෙනා එම අරමුණ ඉටුකරගැනීමට මේවන විටත් කටයුතු කරමින් සිටින බවද ඇය පෙන්වා දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර ස්වීඩනයද 2030 වන සිය අභ්‍යන්තර ගුවන්ගමන් සඳහා ෆොසිල ඉන්ධන භාවිතය නතර කිරීමටත් 2045 වන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහාද ෆොසිල ඉන්ධන භාවිතය නොකිරීමටද අරමුණ කරගෙන ඇත.

Exit mobile version