ඩෙංගු පමණක් නොවෙයි…කොවිඩ් වසංගතයත් යළි පැතිරෙනවා… පරිස්සම් වන්නැයි විශේෂඥ වෛද්‍යවරු කියති…

ශ්‍රියානි විජේසිංහ –                                            

මේ දිනවල ඩෙංගු රෝගය සහ කොවිඩ් රෝගය පැතිර යන බැවින් වඩාත් කල්පනාකාරී වන්නැයි පානදුර මූලික රෝහලේ බාහීර රෝගී අංශයේ විශේෂඥ වෛද්‍ය (පවුල් සෞඛ්‍ය විද්‍යා විශේෂඥ ) මල්කාන්ති ගල්හේන   සඳහන් කරයි.

උගුරේ සෙම්  ගතිය ,  කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව සමඟ උණ පවතින්නේ නම්  එය කොවිඩ් රෝග ලක්ෂණ විය හැකි බවත් මස්පිඬුවල  තද වේදනාව, හිසේ කැක්කුම, සමග තද උණ පවතින්නේ නම් එය ඩෙංගු රෝග ලක්ෂණ විය හැකි බවත් ඇය සදහන් කරයි.

මෙවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් කොවිඩ් රෝගයේදී රෝගියාට  සිය නිවස තුළ තමාව කළමනාකරණය කර ගැනීමට හැකි වුවද ඩෙංගු රෝගියෙකුට එසේ කළ නොහැකි යැයි ද ඇය පෙන්වා දුන්නාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිවස තුළ තම තමන් කළමණාකරණය කර ගැනීමට පෙර තමන්ට වැලදී ඇති රෝගය කුමක්ද යන්න පිලිබදව වෛද්‍යවරයකෙු මගින් දැන ගැනිම අනිවාර්යයෙ‌න්ම කළ යුතු යැයි විශේෂඥවරිය සඳහන් කළාය.


Exit mobile version