ඩුබායිහි සැඟව සිටි පාතාලේ අංජු ප්‍රංශෙට පනී

මත්කුඩු ජාවාරම, මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව කියන පාතාල නායකයකු වන රත්මලානේ අංජු නැමැත්තා සිය බිරිඳ දරුවන් සහ තවත් පාතාල සගයකු වන ධර්මේ නැමැත්තා මේ වනවිට ප්‍රංශයට පැනගොස් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

පසුගිය කාලයේ ඩුබායි හි ජීවත් වූ අංජු සහ ධර්මේ මෙසේ මෑතකදී ඩුබායි දේශයෙන් පිටත් වී ප්‍රංශයේ ඈත පිටිසර ගමක පදිංචි වී සිටින බවට හෙළි වී තිබේ.

පසුගිය කාලයේද ඔහු ඩුබායි පදනම් කර ගනිමින් ජීවත් වුවද බොහෝ විට සියලු දෙනා එක් එක් රටින් රටට සංචාරය කරමින් සිට ඇත.


ඩුබායි අංජු සහ ධර්මේ ඩුබායිවල සිට ප්‍රංශයට ගොස් එහි ඈත පිටිසර ගම්මානයක බිරිඳ සහ දරුවන් සමඟ සිටින බව ආරංචි වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ ජාත්‍යන්තර පොලිස් අංශය විසින් මේ වනවිට ඔහු අල්ලා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිස් රතු නිවේදනයක් නිකුත් කිරීමට අදාළ පියවර ගනිමින් සිටින පොලිස් ආරංචි මාර්ග ලංකාසරට සඳහන් කළේය.

පසුගිය දිනවල මෙරට පතාල ක්‍රියාකාරම් සහ අපරාධ සම්බන්ධයෙන් වැඩිම නම කියවුණු අපරාධකරුවා වන්නේ රත්මලානේ අංජුය.

ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා මහතාගේ පියා වූ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතා ඝාතනය සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී සිටි.

ඔහු එම පළාතේ තවත් ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන දැනට බන්ධනාගාරගත ව සිටින රොහා නැමැත්තා සමඟ දීර්ඝ කාලීන ගැටුමකට මැදිව සිටින අපරාධකරුවකු වන අතර පසුගිය කාලය මුළුල්ලේම ඔහු මෙරටින් පැන ඩුබායි හී සුපිරි ජීවිතයක් ගත කරමින් සිටින වාර්තා විය.

පසුගියදා ගල්කිස්සේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට ඔහුගේ සම්බන්ධයක් ඇති බව කියවුණු අතර එම සිද්ධියට සම්බන්ධ කිහිප දෙනකුම පසුගිය කාලය තුළ අත්අඩංගුවට ගැනීමට හැකි විය.

අංජු ගල්කිස්සේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට සෘජුවම මරණ තර්ජන කිරීමෙන් පසුව ඒ පිළිබඳව රටේ ඉහළම තැන්වල පවා අවධානයට ලක් විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සිදුවීම්වලින් පසුව ඔහුගේ ප්‍රධාන ගෝලයකු බව කියන රාජා නැමැත්තා පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක් විය.

Exit mobile version