ඩීසල් ලීටරයක වැඩිවූ මිලට වඩා සිය ගුණයකින් ගොයම් කපන යන්ත්‍රවල කුලිය වැඩි වෙලා…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්ධන මිල ඉහල යාමත් සමගම උතුරු පළාතේ ගොයම් කපන යන්ත්‍රවල අයිතිකරුවන් අක්කරයක ගොයම් කැපීම සදහා මෙතෙක් අයකළ කුළිය රුපියල් 2500 ත් 3000 ත් අතර මිලකින් ඉහල දමා තිබීම නිසා ගොවියෝ දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටිති.

කොරෝනා වසංගතයට පෙර හා ඉන්ධන මිල ඉහළ යාමට පෙර අක්කරයක ගොයම් කැපීම සදහා රුපියල් 7000 ත් 7500 ත් අතර මිලක් අයකළ ගොයම් කපන යන්ත්‍ර හිමියෝ මේ දිනවල එම ගාස්තුව රුපියල් 9500 ත් 10500 ත් අතර මිලකට ඉහළ දමා තිබේ.

ගොවියන් පවසන්නේ ඩීසල් ලීටරයක මිල ඉහල ගිය ප්‍රමාණයට වඩා සිය ගුණයකින් පමණ ගොයම් කැපීමේ යන්ත්‍ර කුළිය වැඩි කොට තිබීම විශාල අසාධාරණයක් බවයි.
මේ නිසා ගොවිජන සේවා මධ්‍යස්ථාන මැදිහත් වී ගොවීන්ට අඩු මිලට ගොයම් කපා ගැනීමට හැකි වන පරිදි ක්‍රමයක් සකස් කොට දෙන ලෙස ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Exit mobile version