ඩයස්පෝරා සංවිධාන තහනම්ට එරෙහිව ටී.එන්.ඒ. ක්‍රියාත්මක වෙයි…

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලංකා රජය දෙමළ ඩයස්පෝරාවට අයත් සංවිධාන තහනම් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට දෙමළ ජාතික සන්ධානය මූලික කරුණු අධ්‍යයනය කරමින් සිටින බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා අද 29 දා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ රජය ප්‍රධාන දෙමළ ඩයස්පෝරාවට අයත් ප්‍රධාන සංවිධාන හතක් තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමත් සමගම ඒ යටතේ පාලනය වන  අනු සංවිධාන 300කට පමණ ශ්‍රී ලංකාව වෙනුවෙන් කටයුතු කිරීමට හැකි නොවන බවයි.

මේ රජය බලයට පත්වන අවස්ථාවේම එවැනි තත්ත්වයක් අනාගතයේදී උදාවන බව දෙමළ ජාතික සන්ධානය දැන සිටි බව පැවසූ  සුමන්තිරන් මන්ත්‍රීවරයා රජය ගත් මෙම තීරණයෙන් දෙමළ ජනතාවට ආධාර උපකාර නොලැබෙන නිසා ඒ තහනම වෙනුවෙන් යමක් කිරීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් බවද පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධනය මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන්  උපදෙස් ලබා ගෙන ඒ පිළිබදව පක්ෂයේ ස්ථාවරය රජයට දැනුම් දෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය

Exit mobile version