ටෙන්ඩර් හොරුන්ගේ අත පය බඳින IMF යෝජනාවක්!

ශ්‍රි ලංකාවේ රාජ්‍ය ආයතන තුළ සිදු කෙරෙන සියලුම ප්‍රසම්පාදන කටයුතු  ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලියකට යටත්ව සිදු කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟ පෙන්වීම් ඉදිරිපත් කර තිබේ.

පැවති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රි ලංකාව වෙත ලබා දීමට එකඟ වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමට සමගාමීව ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව ශ්‍රි ලංකා රජය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව සඳහන් වේ.

ඒ අනුව රාජ්‍ය ආයතන විසින් සිදු  කරනු ලබන රුපියල් මිලියන 300කට වැඩි සෑම මිලදී ගැනීමක් සඳහාම රජයේ ඉලෙක්ට්‍රොනික ප්‍රසම්පාදන ක්‍රමවේදය තුළ දැන්වීම් පළ කළ යුතු බවටත් රේඛීය අමාතයංශ විසින් ප්‍රදානය කරනු ලබන රුපියල් මිලියන 200ට වැඩි සෑම ටෙන්ඩර ප්‍රදානයක් පිලිබඳවම සියලු තොරතුරු මෙම පද්ධතියට ඇතුළත් කළ යුතු බවත් සඳහන් වේ.

මීට අදාළ මඟ පෙන්වීම් මේ වනවිට මුදල් අමාත්‍යංශය විසින් සෑම අමාත්‍යංශයකටම, පළාත් සභාවකටම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ රාජ්‍ය ව්‍යාපාර ඇතුළු සංස්ථාපිත  ආයතන වෙත යවනු ලැබ ඇති අතර මැයි මස පළමුවැනිදා සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන ලෙසට නියොග කර ඇති බවද සඳහන් වේ.


මේ වනවිට රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා අන්තර්ජාලය පදනම් කර ගත් විද්‍යුත් ක්‍රමවේදයක් පැවතුණද එම ක්‍රමවේදය නිසි ලෙස භාවිත කිරීම පිළිබඳව බොහෝ රාජ්‍ය ආයතන උනන්දුවක් දක්වා නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ වෙනුවට සුපුරුදු ප්‍රසම්පාදන කුමවේදයම අනුගමනය කෙරුණු අතර ඒ තුළ දූෂණ වංචා සිදුවීමේ වැඩි ඉඩක් සහිත පාරදෘශ්‍යභාවයක්  අඩු  තත්වයක් පැවතිණි

Exit mobile version