ටිබෙට් බුදුපිළිමයට චීනයෙන් තලේබාන් ආකාරයේ ප්‍රහාරයක්

චීනයේ බෞද්ධ විරෝධී ආගමනය ලෝකය ඉදිරියේ පිළිකුලට ලක්වේ....

චීනයේ බලපරාක්‍රමයේ දරුණු බව පෙන්වමින් ටිබටයේ ඩ්‍රාගෝ ප්‍රාන්තයේ පිහිටි බුද්ධ ප්‍රතිමාවක් චීන බලධාරීන් ඉතා කෲර ලෙස විනාශ කර තිබේ.

අඩි 99ක් උසැති මෙම ප්‍රතිමාව සහ එය පිහිටා ඇති භූමිය තලේබාන්වරුන් බාමිය ප්‍රතිමා විනාශ කළ අයුරුන් විනාශ කර ඇත.

මෙම ප්‍රතිමාව මීට වසර හයකට පෙර ටිබෙට් බෞද්ධයින්ගේ දාඩිය මහන්සිය මතින ඉදිකරන ලද්දකි.


වාර්තා වන අන්දමට චීන බලධාරීන් විසින් අන්දමට ඉකුත් දෙසැම්බර් 12 වැනිදා සිට ප්‍රතිමාව විනාශ කිරීම ආරම්භ කර ඇති අතර එය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට සතියක පමණ කාලයක් ගත කර ඇත.

චීන බලධාරීන් ගෙන යන අධික බෞද්ධ විරෝධී බව මනාවට සනාථ කරමින් ප්‍රතිමාව විනාශ කිරීමට ප්‍රථමයෙන් ඩ්‍රාගෝ ආශ්‍රමයේ වැඩසිටි නායක හිමිවරුන් පොලිසිය කැදවා තිබේ.

එහිදී හිමිවරුන්ව පොලිසියේ දින 15ක කාලයක්රදවාගෙන තර්ජනය කර ඇති අතර ප්‍රතිමාව විනාශ කිරීමට ඉඩ නොදුන්න හොත් ආශ්‍රමයද විනාශ කරමින් එහි ඇති වටිනා දෑ චීන රජය භාරයට ගන්නා බවටද අනතුර අඟවා තිබේ.

එසේම ප්‍රතිමාව විනාශ කරන අවස්ථාවට ආශ්‍රමයේ සිටින සියලුම හිමිවරුන් පැමිණි යුතු බවත් එසේ නොපැමිණෙන හිමිවරුන් හට දැඩි දඬුවම් පනවන බවට තර්ජනය කර ඇත.

ඒ අනුව චීන බලධාරීන් විසින් මෙම පිළිම විනාශ කරන අයුරු සියලුම හිමිවරුන්ට බලා සිටින ලෙසන බලකර ඇති අතර එහිදී දෑසින් කඳුළු වගුරවමින් ඒ දෙස ඇතැමුන් බලාසිටි බවද වාර්තා වේ.

චීන කොමියුනිස්ට් පාලනය 1949 වර්ෂයේදී ටිබෙටය ආක්‍රමණය කළ අතර 1959 වන විට ටිබටයේ පලනය තමන් සතු කරගැනීමට චීනය සමත්විය.

එතැන් පටන් චීනය දැඩි මර්ධනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර ලක්ෂ හැටක් වූ සමස්ථ ජනගහනයෙන් ලක්ෂ 12ක් පමණ චීන ආක්‍රමණයේ ප්‍රතිඵලයක් ලෙස මරණයට පත්විය.

ඉන් නොනැවතුනු චීනය ටිබෙට් හී පිහිටි බෞද්ධ ආශ්‍රම වලින් සියයට අනූ නවයක්ම කොල්ලකා විනාශ කළ අතරම පෞරාණික බෞද්ධ ප්‍රතිමා රැසක් ඉතා කෲර ලෙස විනාශ කරනු ලැබීය.

පෙර

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසු

Exit mobile version