ටවුටේ කුණාටුව ගාල්ලට කළ විපත…

ගාල්ලේ ගංවතුර

ලලිත් චාමින්ද –

ගාල්ල දිස්ත්‍රික්කයට බලපැ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්  ප්‍රදේශිය ලේකම් කොට්ඨාශ 19ක ග්‍රාම නිලධාරිවසම් 151 පවුල් 807කට අයත් පුද්ගලයින් 2413 දෙනෙකු විපතට පත්වූ බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ පවසයි.

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මරණ 02ක් සිදුවි ඇති අතර එක්  අයෙකු තුවාල ලබා ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. අර්ධ වශයෙන් නිවාස 213කට හා පුර්ණ වශයෙන් නිවාස 02කට  හා කුඩා හා මධ්‍ය පරිමාන වි්‍යාපාරික ස්ථාන  11කට හානිවි ඇති බවද ඔහු පවසයි.

තවලම, නාගොඩ, නෙළුව, යක්කලමුල්ල,කඩවත්සතර, නියාගම, හබරාදුව, ඇල්පිටිය, අම්බලන්ගොඩ, බද්දේගම, ඉමදුව, බොපේ පොද්දල, අක්මිමන, වැලිවිටිය දිවිතුර ගොනපිනුවල, කරන්දෙණිය, හික්කඩුව, බලපිටිය බෙන්තොට  යන ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශවලට  අයහපත් කාලගුණික තත්වය බලපා තිබුණි. මේ වනවිට ජලය බැසයමින් පවතින හානි වු නිවාස සදහා නිවෙස් හිමියන් වෙත අත්තිකාරම් මුදල් ලබාදිම මේ වනවිට ආරම්භකොට ඇත.


Gall-Floods
ගාල්ලේ ගංවතුර

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

Exit mobile version