ඇමති ජොනී සියලු මැති ඇමතිවරු කැඳවයි

johnston fernando

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සියලුම දිස්ත්‍රික්කවල මැතිඇමැතිවරුන් කැදවා ආණ්ඩුවේ මාර්ග සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට තීන්දු කර ඇත.

මාර්ග සංවර්ධනය මෙන්ම එහි ඇති ගැටළු පිලිබදවද එහිදී සාකච්ඡා කෙරෙණු ඇත.

ඒ අනුව පළමු අදියරේදී දිස්ත්‍රික්ක 4ක මැතිඇමැතිවරුන් කැදවා එසේ සාකච්ජා කිරීමට නියමිතය.


කෑගල්ල, බදුල්ල, කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කවල මැතිඇමැතිවරුන් පළමු අදියරේදී එසේ කැදවීමට සැලසුම් කර ඇත.ඉන් අනතුරුව සියළු දිස්ත්‍රික්කවල ගැටළු සාකච්ඡා කෙරෙණු ඇත.

මෙහිදී එක් මන්ත්‍රීවරයකුට විනාඩි 15ක කාලයක් ලබා දීමටද අමාත්‍යවරයා සූදානම් කොට ඇත.

මීට පෙර මෙසේ සියළු දිස්ත්‍රික්කවල මැතිඇමැතිවරුන් සමග මාර්ග සංවර්ධනය පිළිබද පෞද්ගලිකවම අදහස් විමසා නොමැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කිලෝමීටර ලක්ෂයක් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය කාර්‍යයක්ෂමව හා ඵලදායි ලෙසින් ඉලක්කගතව සිදු කිරීමට මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා පැවසීය.

Exit mobile version