සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජූලි 24… එදා තමයි පොලිස්පති දේශබන්දු ගේ පොලිස්පති ධූරයේ ඉරණම විසඳෙන දිනය….

by editor
ජූලි 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට එරෙහිව අති උතුම් අග රදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් පියතුමා ඇතුළු පාර්ශව අටක් විසින් ගොනු කර ඇති පෙත්සම්වල කරුණු සලකා බැලීම අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ලබන ජූලි 24 වැනිදා තින්දු කිරීමට නියම කළේය.

එදිනට පෙත්සම් විභාගයට අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව හා පෙත්සම් කරුවන් සිය පෙත්සම් මගින් ඉල්ලා ඇති අතුරු නියෝග ලබා දෙන්නේ ද නැද්ද යන්න ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී පෙත්සම් කරුවන්ගේ පාර්ශවය වෙනුවෛන් පෙනී සිටි ජනාධිපති නිතිඥ සාලිය පීරිස් පැවසුවේ රජයේ නිලධාරියෙක් ලෙස පත්වීමක් සිදු කිරීමේ දී සලකා බලන කරුණු ඇති බවත්, ඒ සියල්ල නොසලකා හරිමින් පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් එම ධූරයට පත් කර ඇති බවය.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වැඩිදුරටත් කියා සිටියේ අපරාධ චෝදනා එල්ල වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ කළ වගඋත්තර කරුවෙක් ලෙස ලෙස තීන්දු කර ඇති පුද්ගලයෙක් බවය.

ඔහු පොලිස්පති ධූරයේ කටයුතු කිරීමට නුසුදුසු පුද්ගලයෙක් බව ජනාධිපති නිතිඥවරයා අධිකරණය ඉදිරියේ පෙන්වා දුන්නේය. ව්‍යවස්ථාදායක සභාවේ නිසි අනුමැතියක් නොමැතිව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරිම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරිමක් බව ද ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් කියා සිටින්නේ පොලිස්පතිවරයා වශයෙන් පත් කිරිම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ දේශබන්දු තෙන්නකෝන්ගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විධිමත් ආකාරයෙන් අනුමත කර නොමැති බවය.

එවැනි අවස්ථාවක ඔහු එම තනතුර සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන් නීතියට පටහැනි බවත්, පෙත්සම් කරුවෝ අධිකරණය ඉදිරියේ අවධාරණයෙන් දන්වා සිටියහ.

එබැවින් අදාල පත් කිරීම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලූහ. මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදාක සභාවේ සාමාජිකයින්, දේශබන්දු තෙන්නකෝන් නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබිණි,

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වැනි සංශෝධනය ගැසට් කිරීම ජනාධිපතිවරණය නිමා වනතුරු අත් හිටුවයි….

Next Post

බංකොලොත් බවින් ගොඩ දැම්ම රට මේ වසරේ මුල් මාස 04 තුළදී රුපියල් බිලියන 734ක් ණය අරන් බිලියන 726ක ණය පොලී ගෙවලා…

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.