ජීවිත ගැඹුර මෙනෙහි කරමින් නව මං පෙත් ගවේෂණයට ඇරයුම් කරන මරනරම් ගී සිත්තම!

අප සියළු  දෙනාටම  මග හැර යා නොහැකි කඩ  ඉම මරණයයි.  එහෙයින්ම  මරණය බොහෝ සංවේදී  නිර්මාණ  වලට වස්තු   විෂය  වී තිබේ .

මරණය  ගැන  ලියැවුණු  බොහේ දේ තුල  ඇත්තේ  ජීවිතය  පිලිබඳ  ප්‍රාර්ථනයයි .

මහගම  සේකර  කවියා තමන්  මළ පසු  තම  සොහොන්  කොතේ  දුක්  ගී ලියන  රසිකයින්  ගැන මෙනෙහි  කළේය .

“ ඊයේ රෑ සිහිනෙන්මිය ගිය මම
(මගේ) වළ මත දෙදණ ඔබාගෙන
මම ම මගේ මළ ගමට හැඩුයෙමි


මගේ කදුළුවල පොහොර ලබාගෙන
මිනී වළෙන් පැළයක් මතු විය
වසර සියයකට පසු මා නැවතත්
මගේ මිනිය ඇති සොහොනට ගිය විට
ඒ මල් පැළයෙහි සුදු මල් පොකුරක්
පිපී සුවඳ විහිදුවමින් පැවතිණි

මේ කවි  පද  මතකයට  නැංවූ  ගීතයක්  පසු  ගියදා  එළිදැක්විණ .ගේ ය පද  රචකයා  වුයේ  පතිරාජයන්ගේ  බඹරු  ඇවිත්  චිත්‍රපටයේ  උදුම්බරා ගීතයේ  පද පෙළ  ගැස්වූ  ඩබ්ලිව්  ජයසිරිය.

මරණයේ  අවසන්  නිමේෂය නව  ගීතයට  වස්තු විෂය විය .

මරණය යනු  වේදනාව  කැටිවූ  නමුත් බලාපොරොත්තුව  කැටිවූ  මොහොතක්  බව  ජයසිරි  අපුරුවට  කියා සිටියේ අපුරු  පද පෙළගස්මකිනි.

විවීධ හඬ   පරාසයෙන් ඔස්සේ  ගලාගෙන  යන  සුසන්තා මාලනී  ද සිල්වා   ගේ  කට හඬ  අප සිත  සමාධි  ගන්වන්නේ  ධ්‍යානයකට සමවද්වමිනි .

වඩා  සරලව  කියතොත්  දෑස  පියාගෙන  නිසල  රැයක  සවන්දිය හැකි  භාව  පුර්ණ  නාද  සිත්තමකි.

අරුත්  බර පද පෙළ සහ  භාව  පුර්ණ  කටහඬ  අතර  පාලමක් ගොඩ නැංවීමට  සමත් රම්‍ය  මියැසි  වියමනක්  නිර්මාණය කිරීමට  සංගීතවේදී නවරත්න  ගමගේ  සමත් ව සිටී

‘ආවා වගේමයි යාමද  නියමිතයි
සියොළඟ …………… වෙව්ලයි
සැලෙනු  එපා – වැලපෙනු  එපා,
සැරිසරමි  මම  මම – වලා පෙළ  අතර….

නව  මාධ්‍ය  සඳහා දෘශ්‍යකරණ  දායකත්වය  දැක්වූ  හසිත සුබසිංහ  ද  අරුත් කුළුගන්වන  රූප  පෙළක් පෙළ  ගස්වා  ඇත .

මරණයේ  ශීතල  හස්තය  මතු යම්  දිනයක  අප ගේ  හිස  අතාගනු  ඇත. ඒ   එළඹෙන  මොහොත වන විට  බොහෝ  දේ  සිදුවී හමාරය. ආපසු හැරී යමක් නැත.  එහෙත්  මේ ගීතය ඒ මොහොත්  සංකීර්ණත්වය  අපුරු  ලෙසින් ග්‍රහණය  කරගෙන  ඒ ගැන  මෙනෙහි   කිරීමට අපව  පොළඹවයි

සමස්තයක්  ලෙස සිංහල  ගීත  අතර  නව  මංපෙත්   ගවේෂණයට  කෙරෙන  ඇරයුමකි

නැලවී  නැලවී….. පවනේ ඔකඳව ගීතය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


;

Exit mobile version