ජීවන් තොණ්ඩමන්ගේ නිවස ඉබේ ගිනිගත්තා ද?

ලංකා කම්කරු කොංග්‍රස් නායක අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන්ගේ රම්බොඩ වැවනටන්වත්තේ පිහිටි නිවස (18) දින අලුයම 2 ට පමණ හටගත් ගින්නකින් විනාශ වී ඇත. එම නිවසේ කොටසක් මුලුමනින්ම විනාශ වී ගොස් ඇති අයුරු සහිත ඡායාරූප පෙළක් පහතින් පල වේ.

මෙම නිවස සෞම්‍යමූර්ති තොණ්ඩමන් විසින් දේශපාලනයට පැමිණි මුල් වකවානුවේ මිලදී ගෙනඇති අතර ඉන් පසු එහි ටික කාලයක් ආරුමුගම් තොන්ඩමන් හා අවසන් වරට ජීවන් තොණ්ඩමන් පදිංචි වී සිටි බව වාර්තා වේ.

පොලිසිය පවසන්නේ ගින්න හටගත් අවස්ථාවේ නිවසේ සිට ඇත්තෙ එහි මුරුකරු පමණක් බවය. ගින්න පැතිරෙත්ම මුරකරු විසින් කළ දැන්වීමකට අනුව නුවරඑළිය ගිනි නිවන ඒකකය, හැටන් දික්ඔය නගර සභා ගිනි නිවීමේ ඒකකය හා කොත්මලේ පොලිසිය නිලධාරීන් එක්ව පාලනය කර ඇත.


ඒ වනවිට එම ගින්නෙන් නිවසේ කොටසක් පැරණි ගෘහ භාණ්ඩ රැසක් සමග විනාශ වී තිබී ඇත. ගින්න සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණ පවත්වන බව නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසුරිය මාධ්‍යයට පවසා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මේ ගින්න සැලසුම් සහගතව නිර්මාණය කළ එකක් විය හැකි බවට රාවයක් ද පැතිරෙමින් ඇත.

 

Exit mobile version