ජිල්මාට්වලින් කෝටි ගණන් ගිල්ල පරිගණක ඉංජිනේරුවා අල්ලයි…

කුරුමානමක් කුරුණෑගලදී වරදී

මෙරට තුළ අනවසරයෙන් රැඳී සිටින නයිජීරියානු අපරාධකරුවන් කණ්ඩායමක් සමඟ එක්ව ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතන කිහිපයක බැංකු ගිණුම්වලට රහසේ ඇතුළු වී සොරාගත් දත්ත මඟින් රුපියල් කෝටි ගණනක් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු (හැකර්ලා) කුරුණෑගල දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගිනි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබී රු 211000ක්, ක්‍රෙඩිට් කාඩ්පත් 14 ක්, ජංගම දුරකථන 5ක්, ලැප්ටොප් 2ක් සහ බැංකු ගිණුම් පාස් පොත් 6ක් සමඟ කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී වාහනයක් ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය හා ගල්කිස්ස පදිංචි 38 හා 20 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.


මෙම මුදල් ජාවාරමේ ප්‍රධාන සැකකරු කලක් එංගලන්තයේ පදිංචිව සිට මෙරටට පැමිණි වෘත්තියෙන් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකි.

සෙවිලි තහඩු නිපදවන ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයකට අයත් කුරුණෑගල බැංකු ශාඛාවක ගිණුමක් හැක් කොට රුපියල් ලක්ෂ 15 ක මුදලක් සොරා ගෙන තිබීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

විමර්ශනයේ දී පෙනී ගොස් ඇත්තේ සේ බිරිඳ සමඟ ඇති කරගත් ආරවුලකින් පසුව ලංකාවට පැමිණි පරිගණක ඉංජිනේරුවරයා අනෙක් තරුණයා සමග එක්ව මෙම ජාවාරම කර ඇති බවයි.

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත සිර දඬුවම් විඳින ජාවාරම්කරුවකුගේ බිරිඳ තම අනියම් බිරිඳ ලෙස තබාගෙන ප්‍රධාන සැකකරු මෙම ජාවාරමේ යෙදී ඇතැයි ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සොයා ගන්නා ලද මුදල් නයිජිරීයානු ජාතිකයන් හා මෙම සැකකරුවන් දෙදෙනා බෙදා ගන්නා බවට ද ඔහු හෙළි කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරුවන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Exit mobile version