සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාවාරමුන් 04ක් ගෙන්වපු කුඩු තොගය සහිත යාත්‍රාව මාලදිවයින් මුහුදට ගිය හේතුව හෙළිවෙයි!

by editor
නොවැම්බර් 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මාලදිවයින් මුහුදේ දී මාලදිවයින් වෙරළ ආරක්ෂක බලකායට  කොටු වූ කෝටි පන්සීයකට අධික වටිනාකමින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හතර දෙනෙකුට අයත් බවට සැක කෙරෙන තොරතුරු විමර්ශන අංශවලට මේ වනවිට   ලැබෙමින් ඇතැයි වාර්තා වේ.  

ඒ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කරමින් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් උපුටා දක්වමින් “දිනමිණ” වාර්තා කරයි.

මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකායේ අත්අඩංගුවට පත්ව සිටින පිරිස රැගත් බහුදින යාත්‍රාව  මෙරට ලියාපදිංචි කර ඇති එකකි. එහි ධීවරයින් හය දෙනෙක්   සිට ඇත.

අනාවරණයවන තොරතුරු අනුව  මෙම බහුදින ධීවර යාත්‍රාව ගොස් ඇත්තේ මුහුදු රස්සාවේ නොවේ.  ජාවාරම්කරුවන්ගේ කොන්ත්‍රාත්තුවකට අනුව ජාත්‍යන්තර මුහුදට ගොස් පාකිස්තානු ජාවාරම්කරුවන් පැමිණි යාත්‍රාවකින් මත්කුඩු තොගය භාරගෙන   මෙරටට රැගෙන ඒමටයි.

මේ බහුදින යාත්‍රාව මත්ද්‍රව්‍ය රැගෙන මෙරටට පැමිණෙනතුරු මෙරට මුහුදු තීරයේත්, ජාත්‍යන්තර මුහුදු සීමාවේත් ශ්‍රී ලංකා නාවික හමුදාව අවධානයෙන් සිට ඇත. ඒ බවට තොරතුරු   ජාවාරම්කරුවන්ට ලැබී තිබේ.  ඒ අනුව ඔවුන් ලබා දුන් උපදෙස් මත  යාත්‍රාව මාලදිවයින දෙසට යාත්‍රා කර ඇති බව සඳහන්ය.

RelatedPosts

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ඒ ගැන අවධානයෙන් සිටි නාවික හමුදාව වහාම ඒ බව මාලදිවයින වෙරළාරක්ෂක බළකායට දැනුම්දී තිබේ. ඒ අනුව එම යාත්‍රාව මාලදිවයින වෙරළාරක්ෂක බළකාය විසින් කොටු කරගෙන ඇත්තේ පෙරේදා (08)ය.

ශ්‍රී ලංකා නාවික හමුදාව රුපියල් කෝටි 500ක් පමණ වටිනා මත්කුඩු තොගයක් සමඟ බෝට්ටුවක් කොටුකරගෙන තිබුණේ සතියකට පෙරය. දික්ඕවිට වරායට පසුගිය 02 වැනිදා ධීවරයන් 06 දෙනෙක් සමඟ එම ධීවර යාත්‍රාව රැ‍ගෙන ආවේ එම කෝටි 500ක මත්කුඩුත් සමගය. මෙම අත් අඩංගුවට ගත් බෝට්ටු දෙකේ තිබූ මත්කුඩුවල වීදි වටිනාකම කෝටි 1000කි. එනම් බිලියන 10කි.

එම බෝට්ටුවෙන් රැගෙන ආ මත්කුඩු තොගය සහ මාලදිවයිනේදී අත්අඩංගුවට ගත් මත්කුඩු තොගය එකම ජාවාරම්කරුවන්ට අයත් බවට විමර්ශන අංශ සැක කරයි.  මේ වනවිට එම ධීවර බෝට්ටුව සහ ජවාරම්කරුවන් රටට ගෙන්වා ගැනිමට අවශ්‍ය සාකච්ඡා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ පොලිසිය සහ නාවික හමුදාව සහිත කණ්ඩායමක් මාලදිවයිනට ගොස් එම සාකච්ඡාවලට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් ඇත.  ( ගයාන් කුමාර වීරසිංහ – දිනමිණ)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇත්ත ප්‍රශ්න දන්නේ අපි… අපෙන් අහන්න… GMOA ජනපතිට දන්වයි!

Next Post

කෝටි 03ක අයිස් සමග ඊයේ පුත්තලමේ දී අත් අඩංගුවට ගත් තැනැත්තාට රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසි සැරසෙයි!

Related Posts

පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!
  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.