ජාවාරම් කාරයන්ට එරෙහි වූ ග්‍රාමසේවකව අබිරහස් ලෙස මරා දමලා…

දිනසේන රතුගමගේ –

මන්නාරම මාන්තෙයි දකුණ ග්‍රාම නිලධාරීවරයා 3 දා රාත්‍රී මහමගදී අභිරහස් ලෙස මරුමුවට පත්වී ඇතැයි මන්නාරම ඉලුප්පකඩවෙයි පොලීසිය පැවසීය.

පොලීසිය ඔහුගේ මළ සිරුර සොයා ගන්නා විට තද බල ලෙස පහර දීම් හා තුවාල ග්‍රාම නිලධාරීවරයාගේ සිරුරේ තිබී ඇත.

එස්.විජයේන්ද්‍රන් නැමති හතළිස් දෙහැවිරිදි මෙම ග්‍රාම නිලධාරීවරයා සේවය නිමකොට ඔහුගේ නිවසට යමින් සිටියදී මන්නාරම කල්ලිඅඩි ආත්තිමෝට්ටෙයි ප්‍රදේශයේදී ඔහුව ඝාතනයට ලක් ව තිබේ.


මෙම ග්‍රාම නිලධාරීවරයා පළාතේ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාවට නංවන ලද නිලධාරියෙකු වශයෙන් ප්‍රසිද්ධ වී සිටින අතර මේ සම්බන්ධයෙන් වූ සිද්ධියක් මත ග්‍රාම නිලධාරීවරයාව ඝාතනය කරන්නට ඇතැයි සැකයක් පහල වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගිය ග්‍රාම නිලධාරීවරයාගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සදහා මන්නාරම රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර මන්නාරම පොලීසිය හා ඉලුප්පකඩවෙයි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version