ජාවාරම් කරුවන්ගේ වී ගබඩා 30ක් මුද්‍රා තබයි..  කිලෝ ලක්ෂ 150ක්  රජය භාරයට…

කීර්ති ප්‍රනාන්දු –

ලියාපදිංචි නොවී ගොවීන්ගෙන් වී මිලටගෙන තොග පිටින්  රැස්කරගෙන  සිටි වී ජවාරම්කරුවන් විසින් ගබඩා කරගෙන තිබූ  වී කිලෝ ලක්ෂ 150කට අධික ප්‍රමාණයක් පාරිභෝගික සේවා අධිකාරිය භාරයට ගත් බව එම අධිකාරිය පවසයි.

වී තොග සඟවාගෙන සිටින ජාවාරම්කරුවන් සොයා කරන ලද මෙහෙයුමේ දී මෙම වී තොග සොයාගෙන තිබේ.

දින තුනක් තුළ පොලොන්නරුව, අනුරාධපුරය, අම්පාර, මඩකලපුව, වැනි ප්‍රදේශ තුළ මෙම වැටලීම සිදු කළ බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ අනවසරයෙන් වී තොග ගබඩා කර තිබූ ගබඩා 30කට පමණ පාරිභෝගික සේවා අධිකාරිය මගින් මුද්‍රා තැබූ බව ද එම අධිකාරිය පවසයි.

Exit mobile version