ජාතික රෝහලේ හෙද හෙදියන් 100ක්  දෙසතියකට වරක්   කොවිඩ් පොසිටිව්…

දෛනික වැඩත් ඇණහිටින ලකුණු... හෙද සංගම් කියයි...

කොළඹ ජාතික රෝහල තුළ සේවය කරන හෙද හෙදියන්  සියයකට ආසන්න පිරිසකට සති දෙකකට වරක් කොවිඩ් වයිරසය ආසාදනය වන බැවින් රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වක් උද්ගතව ඇතැයි සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

අගෝස්තු 7 වෙනිදා සිට 14 වෙනිදා දක්වා හෙද හෙදියන් 90ක පිරිසක් කොවිඩ් ආසාදිතව රෝගී සත්කාර සේවවන්ගෙන් ඉවත් වූ  අතර අගෝස්තු  14 – 21 දක්වා කාලය තුළ හෙද හෙදියන්  89 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට පත් වූ බව සංගමයේ ලේකම් එස් මැදිවත්ත කීවේය.

ජාතික රෝහල තුල සිටින සමස්ථ හෙද පිරිස 2700ක් වන බැවින් මේ වන විට කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වාට්ටු 20ක් සහ දැඩිසත්කාර ඒකක 3ක් වෙන් කර ඇතැයිද ඔහු පෙන්වාදේ.


මේ වන විට රෝහල් ගත කරන රෝගීන්ගේ ඇන්ටිජන් හෝ රැපිඩ් පරික්ෂණයන් පවා නිසි පරිදි සිදු නොකිරීම හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට කොවිඩ් ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින බවද ලේකම්වරයා පෙන්වා  දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට ජාතික රෝහලේ කණිෂ්ඨ කාර්ය මන්ඩල සාමාජිකයින් විශාල වශයෙන් ආසාදිත වන බැවින් රෝහල් කටයුතු කරගෙන යාමේ දැඩි දුෂ්කරතා මතුව ඇතයි ද හෙතෙම කියයි.

Exit mobile version