ජාතික රෝහලේ හෘද හා සහ විකලාංග සැත්කම් අංශ දෙක වසා දැමේ

සේවකයන් හතරකට කොරෝනා

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ සමග එහි හෘද සැත්කම් සිදුකරන හෘද හා උරස් ශල්‍ය ඒකකය සහ විකලාංග සැත්කම් ඒකකය වහාම වසා දැමීමට රෝහල් පාලනාධිකාරිය කටයුතු කර තිබේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා වෛරසය ආසාධිත බවට වාර්තා වූ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයා සමග එකම නවාතැනක රැඳී සිටි ජාතික රෝහල් සේවකයන් හතර දෙනෙකු මෙලෙ ආසාදිතයන් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්ත්වය මත ඔවුන් ඇසුරු කළ සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයින් ද වහාම PCR පරීක්ෂාවට යොමු කිරීමට සැලසුම් කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.


Exit mobile version