ශ්‍රියානි විජේසිංහ – \
කොළඹ ජාතික රෝහල පරිශ්‍රයේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන 22ක් හමුව ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රකාශයෙකු සඳහන් කළේය.
මෙම ස්ථාන 22ක ඇත්තේ රෝහල් පරිශ්‍රයේ නව ඉදිකිරීම් හි ගොඩගැසී පවතින අබලි ද්‍රව්‍ය තුළ යැයි එම ප්‍රකාශකයා පැවසීය.
අපි මේ සම්බන්ධයෙන් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකරගෙන් විමසු කළඔහු සඳහන් කළේ එම ස්ථානයන් පිරිසිදු කර ගන්නා ලෙසට ජාතික රෝහල් අධ්යක්ෂවරයාට දැනුම් දුන් බවකි.
මේ වන විට කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් හැටදෙදෙනෙකු (62) ඩෙංගු රෝගයට ගොදුරුව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඩෙංගු මදුරුවන් බෝවන පරිශ්‍ර පිරිසිදු කරන මෙන් කොන්ත්‍රාත්කරුවන්ට රෝහල් බලධාරීන් පවසා නොමැති බැවින් ඉදිරියේ දී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් තවත් බොහෝ දෙනෙකු ඩෙංගු රෝගයට ගොදුරු විය හැකි යැයිද එම ප්‍රකාශකයා අනාවරණය කළේය.