ජාතික ආරක්ෂාව පිළිබඳ  ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති සරත් වීරසේකර…

 ‘ජාතික ආරක්ෂාව පිළිබඳ  ආංශික අධීක්ෂණ කාරක සභාවේ’ සභාපතිවරයා වශයෙන් පාර්ලි‍මේන්තු මන්ත්‍රී  සරත් වීරසේකර තේරී පත් වී ඇත.

සරත් වීරසේකර මෙම තනතුරට පත් වන්නේ  පාර්ලිමේන්තු මන්ත්‍රී   චමල් රාජපක්ෂගේ යෝජනාවෙන්  සහ   සුමිත් උඩුකුඹුරගේ යෝජනා ස්ථිරත්වයෙන්.

මෙම පත්වීම සිදුකළ පසුගිය 08 වැනිදා තවත් ආංශික කාරක සභාව දෙකක සභාපතිවරු පත් වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පත් කිරීම් අවසානයේ කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන්ගේ අදහස් හා  යෝජනා සදහා අවස්ථාව හිමිවූ  අතර මෙහිදී මෙම කාරක සභාවල ඉදිරි කටයුතු පිළිබඳ මූලික සාකච්ඡාවක් පැවැත්විණි.


Exit mobile version