ජාත්‍යන්තර හෙද දිනය අදයි

ජාත්‍යන්තර හෙද දිනය අදට (12) යෙදී ඇත. හෙද හෙදියන් සමාජය තුළ ඉටු කරන වැදගත් කාර්යභාරය සහ හොඳම සෞඛ්‍ය සේවා සැපයීම සඳහා හෙදියන්ගේ දායකත්වය, කැපවීම් පිළිබඳව සිහිපත් කිරීම සඳහා සෑම වසරකම මැයි 12 වන දින දිනය ජාත්‍යන්තර හෙද දිනය සමරනු ලැබේ.

හෙද සේවය සඳහා අමරණීය සේවාවක්‌ ඉටු කළ හෙද සේවයේ මාතෘවරිය ලෙස සැලකෙන “ෆ්ලොරන්ස්‌ නයිටිංගේල්” මැතිනියගේ ජන්ම දිනය පදනම් කර ගනිමින් මැයි 12 වැනි දිනට ජාත්‍යන්තර හෙද දිනය යොදාගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවර ජාත්‍යනන්ර හෙද දිනයේ තේමාව “අපේ හෙදියන් අපේ අනාගතයයි” යන්නයි. ජාත්‍යන්තර හෙද කවුන්සිලයට අනුව, අනාගත ගෝලීය සෞඛ්‍ය අභියෝගවලදී හෙද සේවය කළ ක්‍රියා කළ යුත්තේ කෙසේද සහ සෑම කෙනෙකු සඳහාම ගෝලීය සෞඛ්‍යය වැඩිදියුණු කළ යුතු ආකාරය පිළිබඳ සාකච්ඡාවට ලක් කිරීම එම තේමාවේ අරමුණයි.

Exit mobile version