ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මණ්ඩලයේ නියෝජ්‍ය කළමණාකරණ අධ්‍යක්ෂ දෙදින නිල සංචාරයක…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මණ්ඩලයේ නියෝජ්‍ය කළමණාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මෙම මස 31 හා ජූනි මස 01  දිනයන්හි දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙලෙහි මෑත කාලීන ප්‍රවණතා, ඉදිරියේ දී ආර්ථිකය සවිබල ගැන්වීමට ඇති අවස්ථා හා ඊට ඇති බාධා හා ප්‍රමාදයන් අවම කරගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

Exit mobile version