ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුවෙක් ගෙල වැල ලාගෙන සිය දිවි හානිකරගෙන තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ කඩුගන්නාව පරකැටවැල්ල, පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණ සිසුවෙකි.
තරුණ සිසුවා ඔහුගේ නිවස ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයේ ගසක ගෙල වැලලා ගෙන මියගොස් සිටිය දී කඩුගන්නාව පොලිසිය විසින් ඊයේ (23) පෙරවරුවේ සොයාගෙන තිබේ.
මෘතදේහය මේ වන විට මහනුවර ජාතික රෝහලේ මෘතශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව දේහය ඥාතීන් වෙත භාරදීමට නියමිතව ඇත.
කඩුගන්නාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







