ජපන් යවන බව කියා එකතුකරගත් කෝටි තුනක මුදලක් සමග අතුරුදහන්ව සිටි පිරිවෙන් අධිපති චීවරධාරියෙක් අත්අඩංගුවට…

පුද්ගලයින් රැසක ගෙන් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ලබාගෙන සැඟව සිටි බව කියන කඩුගන්නාව ප්‍රදේශයේ පරිවේණාධිපති හිමිනමක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජපන් රැකියා ලබා ගැනීමට අපේක්ෂාවෙන් ප්‍රදේශ රැසක පුද්ගලයින් හතළිස් දෙනෙකු පමණ මෙම හිමිනමට මුදල් ලබා දී ඇතැයි දැන ගන්නට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලක්ෂ 10 සිට 15 දක්වා මුදල් අදාළ හිමිනමට ලබාදුන් පුද්ගලයින් 11 දෙනෙකු කඩුගන්නාව පොලීසියට පැමිණ ලබාදුන් තොරතුරු ඔස්සේ පරීක්ෂණ කළ පොලීසිය විල්ගමුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version