ජන පවුර සාර්ථකව ක්‍රියාත්මකයි… ජාති ආගම් භේදයකින් තොරව මිනිස්සු පාරට එති…

කීර්ති ප්‍රනාන්දු –

පාස්කු ප්‍රහාරයේ වින්දිතයිනට යුක්ති ඉල්ලා පාස්කු ප්‍රහාරයට සිව් වසරක් පිරෙන අද දිනයේ දී  කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා තෙක් විහිදී ගිය ජන පවුර මේ වනවිට සාර්ථකව නිර්මාණය වී තිබේ. කතෝලික සභාව මෙම ජන පවුර සංවිධානය කර ඇත.

ආගම් ජාති භේදයකින් තොරව ජනතාව මීගමු පාරේ එක් පසෙක් අත්වැල් අල්ලාගෙන සිටිති. කතෝලික ජනතාව   යාඥා කරමින් ඇත. තුන්මං හන්දි සහ පාර මාරුවන ස්ථාන හැර මහ  මග සියලුම තැන් පිරී ගොස්ය.

අද උදෑසන 8 සිට කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා කොළඹ – මීගමුව මහ මාර්ගයේ මෙම ජන පවුර නිර්මාණය වී තිබිණි.

පෙරවරු 8.45 ට ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් රැස්ව සිටි පිරිස විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වූහ.


කටුවපිටිය සාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානය සිට කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ  දේවස්ථාන දක්වා  ගමන් කරන පා ගමනක් ඊයේ  රාත්‍රී 8:30 ට පමණ ආරම්භ විය. .

පාගමන ආරම්භ කිරීමට පෙර දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් පැවැත්වූ අතර ඒ සඳහා විශාල බැතිමතුන් පිරිසක් මෙන්ම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.  .

දේව මෙහෙන් අනතුරුව ගමන් ආරම්භ කර පාගමනට පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් පිරිසක්ද එක්ව සිටියහ.  .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පා ගමන රැය පහන් වන තුරු ගමන්  කළේය. ඊට ගිහි-පැවිදි සැමදෙනා එක්ව සිටියහ. අද  දින  කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය පැවැත්වෙන පාස්කු ප්‍රහාරයේ හතර වන වර්ෂ පූර්ණ සැමරුම් වැඩසටහන පැවැත්වෙන අතර  උදෑසන10 ට  අති උතුම් කාදිනල් හිමිපාණන් විසින්   විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතය.

Exit mobile version