ජනාධිපති තුමා තමන් වටේ ඉන්නා කපුටන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි…

රේගුවේ සිටින සියලුම නිලධාරීන් දූෂිත යැයි චෝදනා කරමින් අවශ්‍ය නම් නිලධාරීන් සියල්ලන්ම ඉවත් කර තුන්වන පාර්ශවයක් හරහා රේගුව කරන බවට ජනාධිපතිවරයා  කරන ප්‍රකාශ තුළ රේගු ආඥා පනත වෙනස් කිරීමේ උත්සාහයක් පවතින්නේ දැයි සැකයක් මතුවන බව රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ ලේකම් සුදත් ද සිල්වා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ රේගු වෘත්තීය සමිති සංධානය විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී අදහස් දැක්වූ ලේකම්වරයා කීවේ රේගු ආඥා පනත වෙනස්  කිරීමට අවශ්‍ය දූෂිත ජාවාරම් කාරයින් පිරිසක් සිටින බවත් අනෙක් ඕනෑම ආයතනයකට බලපෑම් කර ඇමතිවරයෙකුට තමන්ට අවශ්‍ය දේ කරගත හැකි මුත් පුලුවන් නම් රේගුවට එවැනි බලපෑම් කර තමන්ට අවශ්‍ය දේ  කරගෙන පෙන්වනැයි අභියෝග කරන බවත් ලේකම්වරයා පැවසුවේය.

එසේ කරගත නොහැක්කේ ශක්තිමත් රේගු ආඥා පනතින් බලගන්වා   ඇති රේගු නිලධාරීන් නිසා බව පවසන ලේකම්වරයා  පවසන්නේ තමන් ඇතුළු වෘත්තීය සමිති විසින් රේගුව ගොඩනැන්වීම සඳහා ජනාධිපතිවරයා වෙත ලබා දුන් යෝජනා 25 ක්‍රියාත්මක කළා නම් ඉහළ ගුණාත්මක අගයකින් යුතු ආයතනයක් නිර්මාණය කරගත හැකිව තිබුණු බවය.


“රේගුව පූර්ණ පාරිශුද්ධ ආයතනයක් නෙමෙයි… රේගු නිලධාරීන් අතර දූෂිතයන් නැතිවාත් නොවෙයි… ඒත් බහුතරයක් රේගු නිලධාරීන් දූෂිත යැයි කියන චෝදනාව සපුරා ප්‍රතික්ෂේප කරනවා…“

මෙහිදී    අදහස් පලකල රේගු වෘත්තීය සමිති සන්ධානයේ උප සභාපති ලාල්  වීරකෝන් පැවසුවේ  ජනාධිපතිවරයා මෙසේ අතාර්කික චෝදනා කරන්නේ  ලංකාවේ සමස්ත බදු ආදායමෙන් 50% වඩා ආණ්ඩුවට එකතු කර දෙන ආයතනයේ නිලධාරීන්ට බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“පසුගිය වසරේ අපි රුපියල් බිලියන 641ක් රේගු බදු වශයෙන් ආණ්ඩුවට එකතු කරල දුන්නා. එය වසරේ අපේක්ෂිත ඉලක්කය වූ රුපියල් බිලියන 647න් 99%ක ප්‍රතිශතයක්.”   ලාල් විරකෝන්  පැවසුවේය.

Exit mobile version