ජනාධිපතිවරයාට එරෙහි විශ්වාස භංගයක්?!

ජනාධිපතිවරයාට  එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒම සඳහා මේ වනවිට විශේෂ වැඩපිළිවෙළක් දියත් වී ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි.

අන්තර්වාර පාලනයක් සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ එකඟතාවය දක්වා නැති පසුබිමක ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම සිදුවිය යුතු බවට විපක්ෂයේ දේශපාලන පක්ෂ  ප්‍රකාශ කළත්  ඔහු ඉල්ලා අස්නොවන බව ප්‍රකාශ වී තිබේ.    මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  ද  ජනාධිපතිවරයා සහ ආණ්ඩුව දෝෂාභියෝගයෙන් ගලවා ගැනීමට පොරොන්දු වී ඇත.

මේ පිළිබඳව කළ විමසීමක දී   සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක   පැවසුවේ මේ වනවිට ජනාධිපතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට රැගෙන ඒම  සම්බන්ධව අවශ්‍ය කටයුතු සංවිධානය වෙමින් ඇති බවය.


කෙසේ වෙතත් මේ අසීරු මොහොතේත් පාර්ලිමේන්තුව තුළ බලය සම්බන්ධව ඇති විසම්මුතිය තුළ එය තරමක් සංකීර්ණ කටයුත්තක් වී ඇතැයි ඔහු කීවේය. දැනට පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට ඇත්තේ ආසන 117කි. ආණ්ඩු පක්ෂයේ 159ක් වූ මන්ත්‍රී සංඛ්‍යවෙන් කතකානායකවරයා හැරුණුවිට පැවතියේ මන්ත්‍රී ආසන 158ක්.  අණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී සංඛ්‍යාව 41කි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 11 මේ වනවිට දෝෂාභියෝගයක් සඳහා සූදානම් නැති බව පවසා ඇත.

මේ තත්වය තුළ දෝෂාභියෝගය සඳහා තුනෙක් දෙකක බහුතරය එකතු කරගැනීම පහසු එකක් නොවන බව වාර්තා වේ.   ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් තුන අද සාකච්ඡාවක් සඳහා සූදානමින් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම වාර්තාවන පරිදි ඉල්ලා අස්වූ බව කියන කිසිම කැබිනට් ඇමතිවරයෙක් තමන්ගේ නිල වාහන කාර්යමණ්ඩල භාර දී නැත. මේ සම්බන්ධව පාර්ලිමේන්තවේදීත් ප්‍රශ්න කරනු ලැබුවේය.

Exit mobile version